April 19, 2024

ඇමෙරිකාවේ වාහන සොරකම් කිරීම් වැඩි වීම නිසා සුප්‍රකට පරිගණක ක්‍රීඩාව තහනම් කරන්නට යයි

February 24, 2021

ඇමෙරිකාවේ චිකාගෝ ප්‍රාන්තයේ වාහන සොරකම් කිරීම් වැඩි වීම නිසා වසර 20ක පමණ ඉතිහාසයක් ඇති ලෝක ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩාවක් වන “Grand Theft Auto” නම් පරිගණක ක්‍රීඩාව තහනම් කිරීමට එම ප්‍රාන්ත රජය විසින් කෙටුම්පතක් සම්මත කර ගැනීමට කටයුතු කර තිබේ.

මෙහිදී ඉදිරිපත් කර ඇති කෙටුම්පත හරහා 2012 වසරේ දී සම්මත කර තිබූ කෙටුම්පතක් සංශෝධනය කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

මෙම කෙටුම්පත සංශෝධනය කිරීමට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී තිබුණේ මෙම පරිගණක ක්‍රීඩාවන් හරහා එය ක්‍රීඩා කරන තැනැත්තා හට චරිතයක් පාලනය කිරීමට අවස්ථාව ලැබෙන බවත් එම චරිතය හරහා ප්‍රචණ්ඩකාරීව හැසිරීමට ඔවුන් පෙළඹෙන බවයි.

එමෙන්ම මෙම පරිගණක ක්‍රීඩාව හරහා ළමා අපයෝජනය, ලිංගික අපයෝජනය, සත්ව හිංසනය, ගෘහස්ථ හිංසනය, කාන්තාවන්ට එරෙහි හිංසනය, හෝ සොරකම වැනි කරුණු පිළිඹිබු වන බවත් ඔවුන් අවධාරණය කර තිබුණි.

එමෙන්ම මෙම පනත් කෙටුම්පත හරහා බාල වයස්කාරයන් හට මෙම පරිගණක ක්‍රීඩාවන් අලෙවි කිරීම තහනම් කිරීමටත්, එම වීඩියෝ ක්‍රිඩා ප්‍රචණ්ඩත්වය සහිත ක්‍රීඩා බවට නම් කිරීමටත් මෙම කෙටුම්පත හරහා කටයුතු කර තිබේ.

චිකාගෝ ප්‍රාන්තයේ මේ වන විට වාහන සොරකම් කිරීම් ප්‍රමාණය 135%කින් ඉහළ ගොස් ඇති බවත් මේවා බොහෝ විට එම පරිගණක ක්‍රීඩාවේ මෙන්ම රියදුරා සිටින අවස්ථාවේ රියදුරාට පහර දී සොරකම් කරගෙන ගිය අවස්ථා ඇති බවත් මන්ත්‍රීවරුන් විසින් අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් මෙම තීන්දුවට එරෙහිව එරට පරිගණක ක්‍රීඩා කරන්නන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර ඔවුන් අවධාරණය කර තිබෙන්නේ මෙය විහිළුවක් බවයි. මෙම පරිගණක ක්‍රීඩා තහනම් කරනවා නම් මික්ස් මාෂල් ආර්ට්ස් වැනි ප්‍රචණ්ඩත්වය සැබෑවටම ඇති ක්‍රීඩාවන්ද තහනම් කරන ලෙසත් ඔවුන් පවසා තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 February 2021 13:05