April 25, 2024

වසර 150කට පෙර විනාශ වූ පරිසර පද්ධතියකට ඕස්ට්‍රේලියාව නැවත පණ දෙයි

February 24, 2021

ඕස්ට්‍රේලියාව ලෝකයට පරිසරය පිළිබඳව ආදර්ශයක් සැපයීමට සමත් ව තිබෙන්නේ වසර 150කට පෙර ලෝකයට අහිමි වූ තෙත් භූමි පරිසර පද්ධතියකට නැවත පණ ලබාදෙමිනි.

ඕස්ට්‍රේලියාවේ ග්‍රෑම්පයින්ස් උද්‍යානයට අයත් වන වෝල්කර් වගුබිම එහි පරිසර පද්ධතිය සමඟම විනාශයට පත් වීම ආරම්භ වී තිබුණේ වසර 150කට පමණ පෙර සිටය. 

ගොවි කටයුතු සහ විවිධ ඉදිකිරීම් හේතුවෙන් මෙම පරිසර පද්ධතියට විශාල ලෙස හානි වී තිබූ අතර මෙම වගුරු බිමේ පරිසර පද්ධතියට එයින් දැඩි බලපෑමක් එල්ල වීමට පටන් ගෙන තිබුණි. එම නිසා මෙම භූමිය වියළි ගොස් එහි පරිසර පද්ධතිය සම්පුර්ණයෙන්ම ලෝකයට අහිමිව ගොස් තිබුණි.

ඕස්ට්‍රේලියානු පරිසරවේදීන් සහ පර්යේෂකයන් එක්ව මෙම භූමිය නැවත ලබාගෙන එම පරිසර පද්ධතියට පණ දීම ආරම්භ කරන්නේ “බලාපොරොත්තුවේ පණිවිඩය” යනු ආදර්ශ පාඨයත් සහිතවයි.

අක්කර 500කට පමණක් සීමා වී තිබූ මෙම භූමිය අක්කර 535ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වන අතර පසුව එය සංවර්ධනය කර ගැනීමට ඔවුන් සමත්ව තිබේ.

මෙම පිළිබඳව බිබිසී ලෝක සේවය විසින් කෙටි වාර්තාමය වැඩසටහනක් කර තිබුණු අතර එම වැඩසටහන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 February 2021 11:33