March 29, 2024

මෝදිගේ තෙල් මිලට විරෝධය පාමින් සෝනියා ගාන්ධිගේ බෑනා පාපැදියෙන්ම වැඩට යයි (PHOTO)

February 22, 2021

ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිගේ බෑනා වන රොබට් වද්‍රා විසින් එරට තෙල් මිල ඉහළ යෑමට විරෝධය පෑම සඳහා සිය පාපැදියෙන්ම සිය රාජකාරී කටයුතු සඳහා ගොස් තිබේ.

එහිදී රොබට් වද්‍රා විසින් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හට පවසා තිබුණේ එසී කරපු වාහනයෙන් බැසවිත් රටේ ජනතාව දුක් විඳින අයුරු බලන ලෙසයි. අගමැති මෝදි කරන එකම දෙය පසුගිය රජයන්ට චෝදනා කිරීම පමණක් බවද රොබට් වද්‍රා විසින් පවසා තිබුණි.

ඔහු මෙලෙස විරෝධය පාමින් ගමන් කරන අවස්ථාවේ ඔහුට දැඩි ආරක්ෂ රැකවල්ද යොදවා තිබුණි.

සෝනියා ගාන්ධි ඇතුළු කොංග්‍රස් පක්ෂය විසින් මේ වන විට මෝදි රජයට එරෙහිව දැවැන්ත විරෝධයක් ගෙන යමින් සිටියි.

රොබට් වද්‍රා පාපැදියෙන් ගිය අවස්ථාව,



Rate this item
(0 votes)