March 29, 2024

ඇමරිකාවේ උඩු ගුවනේදී ගිනිගත් ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩ බස්වයි. ( වීඩියෝ)

February 22, 2021

අමෙරිකාවේ, ඩෙන්වර් ආශ්‍රිත ප්‍රදේශයේදී මගී ප්‍රවාහන ගුවන් යානයක එන්ජිමේ ගින්නක් ඇති විය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බෝයිං 777 වර්ගයේ මෙම යානය ගුවන්ගත කර විනාඩි කිහිපයකට පසු විශාල ශබ්දයක් සමග ගින්න හටගෙන තිබූ බවයි.

යානයේ එන්ජිම මෙලෙස ගිනි ගැනීමත් සමග එහි කොටස් කිහිපයක් නිවාස මතට පතිත විය . එන්ජිම ගිනි ගන්නා අවස්ථාවේ මගීන් 231 දෙනෙකු යානයේ සිටි බව සඳහන් වේ.එන්ජිම ගිනි ගන්නා ආකාරය එහි ගමන් ගත් මගියෙකු විසින් වීඩියෝ ගත කොට තිබුනි. 

කෙසේ වෙතත් එය ආරක්ෂිතව ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට නියමුවාට හැකි වූ අතර, මගීන් එහිදී ප්‍රීතිඝෝෂා කළේය.

Rate this item
(0 votes)