February 25, 2021

“අනේ අම්මේ නැගිටින්න” - කාබුල් නුවර බෝම්බයට හසු වූ අම්මා ඉදිරියේ කුඩා දරුවන් දෙදෙනාගේ ඉල්ලීම

February 22, 2021

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ඊයේ (21) දිනයේ දී එරට ආරක්ෂක අංශ ඉල්ලක්ක ගත කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. 

මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු පමණ තුවාල ලබා තිබුණි.

මෙම ප්‍රහාරයෙන් පසුව එක්තරා වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වීමටත් සංසරණය වීමටත් පටන් ගත් අතර එහි අන්තර්ගතය සංවේදී දෙයක් බවට පත් වී තිබුණා.

මෙම සංවේදි වීඩියෝ දර්ශනයේ දී කුඩා දරුවන් දෙදෙනෙකු මෙම බෝම්බ ප්‍රහාරයට හසුව සිහිසුන්ව සිටින සිය මවගෙන් “අනේ අම්මේ නැගිටින්න..” යැයි කරන ඉල්ලීමයි.

මෙහිදී මෙම දරුවන් දෙදෙනාද තුවාල ලබා සිටියත් තම මව අවදි කර ගැනීමට හඬමින් සිටින ආකාරය සහිත මෙම වීඩියෝව විශාල පිරිසක් සංවේදී කිරීමට සමත්විය.

මෙම දර්ශනය පටිගත කළ පුද්ගයාලද සංවේදීව සිටි අතර ඔහු දරුවන් දෙදෙනාව සන්සුන් කිරීමට උත්සාහ කර තිබුණා.

මෙම වීඩියෝව “Mother Get up” නමින් ටැගයක් සහිතව ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර බොහෝ දෙනා සංවේදීවත් කෝපයෙන් පිළිතුරු ලබා දී තිබුණා.

කාබුල් නුවර පොලීසිය විසින් පසුව සඳහන් කර තිබුණේ දරුවන් දෙදෙනාට සාමාන්‍ය තුවාල ඇති බවත් මවගේ තත්ත්වය බරපතළ බවත්ය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ වන විටත් වගකීම භාර ගෙන නොමැති බවත් සඳහන් වෙයි.

එම සංස්කරණය කරන ලද සංවේදී විඩියෝව පහතින්,

Rate this item
(0 votes)