April 19, 2024

නිතීඥ යුවලක් මහ මඟදී ජනතාව ඉදිරියේ පහර දී මරා දමයි - පක්ෂ නායකයෙකු පිටුපසට ඇති බවට සැකයක් Featured

February 19, 2021

ඉන්දියාවේ තෙලන්ඟනා ප්‍රාන්තයේ පෙද්දපල්ලි දිස්ත්‍රික්කයේ මහ මඟදී ඊයේ (18) දිනයේ දී පිරිසක් විසින් නිතීඥ වෘත්තියේ යෙදෙන යුවලක් පහර දී ඝාතනය කිරීමත් සමඟ ඉන්දීයාවේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

මෙලෙස ඝාතනය වී තිබුණේ ජී වමන් රාඕ සහ ඔහුගේ බිරිඳ වන ජී නාගමනි යන තෙලන්ඟනා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරනු ලබන නිතීඥ යුවලකි.

පෙද්දපල්ලි පොලීසිය විසින් පවසා තිබුණේ වමන් රාඹ්ව වාහනයෙන් ඉවත ඇදගෙනවිත් පිහිවලින් ඇන පහර දී තිබූ බවයි. එමෙන්ම ඔහුගේ බිරිඳට වාහනය තුළදීම පිහිවලින් ඇන පහර දී තිබුණු බව සඳහන් වෙයි.

පහර දීමෙන් පසුව පිරිස පළා ගොස් තිබුණු අතර පිහි පහරට ලක් වූ යුවල රෝහලට ගෙන යෑමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොතිබුණු අතර පොලීසිය විසින් යුවල රෝහල වෙත ගෙන ගොස් තිබුණත් ඒ වන විටත් ඔවුන් මිය ගොස් සිටි බව සඳහන් වෙයි.

පොලීසිය විසින් අනාවරණය කර තිබුණේ වමන් රාඕ මිය යෑමට පෙර මෙම පහර දීමට තෙලන්ඟනා රාෂ්ට්‍ර සමිති පක්ෂයේ නායකයා වන කේ.චන්ද්‍රසේකර් රාඕ සම්බන්ධ බවට පවසා ඇතැයි බවයි.

පොලීසි කණ්ඩායම් 06ක් මඟින් මෙම ඝාතකයන් ඇතුළු සැකකරුවන් සොයා පරික්ෂණ ආරම්භ කර තිබු අතර අද (19) දිනයේ එම පක්ෂ නායකයා ඇතුළු මෙම ඝාතනය කළ පුද්ගලයින් තෙලන්ඟනා ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

මෙම ඝාතනයට සාධාරණය සහ යුක්තිය ඉටු කරන ලෙස පවසා තෙලන්ඟනා ප්‍රාන්තයේ නිතීඥවරුන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණවලද නිරතව සිටියහ. මෙම යුවල තමන්ට බොහෝ ජීවිත තර්ජන ඇති බවටද තෙලන්ඟනා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිපතිටද දන්වා තිබුණි.

මෙම පහර දෙන අවස්ථාව මාර්ගයේ සිටි පුද්ගලයෙකුගේ දුරකථන කැමරාවේ සටහන්ව තිබුණේ පහත අයුරිනි.

Rate this item
(0 votes)