April 20, 2024

සුප්‍රසිද්ධ විදී සිතුවම්කරු බැන්ක්සිගේ සිතුවමක් ගලවා ඉවත් කරයි (PHOTO)

February 18, 2021

එංගලන්තයේ නොටිංග්හැම් ප්‍රදේශයේ බිත්තියක තිබූ සුප්‍රසිද්ධ විදී සිතුවම්කරු බැන්ක්සිගේ සිතුවමක් එම ස්ථානයෙන් ගලවා ඉවත් කිරීමට ඊයේ (17) දිනයේදී කටයුතු කර තිබුණි.

ලෝකයටම අභිරහසක් වූ මෙන්ම අතිශයෙන් ම ජනප්‍රියත්වයට පත්ව සිටින බැන්ක්සිගේ මෙම සිතුවම ගලවා ඉවත් කර තිබුණේ ඔහු විසින් එම සිතුවම ඇඳ තිබූ ගොඩනැගිල්ලේ අයිතිකරුගේ ඉල්ලීමක් මතයි.ෙ

මෙහිදී එම ගොඩනැගිල්ලේ අයිතිකරු හට මෙම සිතුවම කෞතුකාගාරයකට හෝ චිත්‍රාගාරයකට ලබා දීමට අවශ්‍යතාවය ඇතිව තිබුණි‍ෙ

එම ගොඩනැගිල්ල අසල කනුව රෝදයක් නොමැති බයිසිකලයක් ලොක් කර දමා තිබුණු අතර එම බයිසිකලයේ නැතිව ඇති රෝදයෙන් කුඩා ගැහුනු දරුවෙකු සෙල්ලම් කරන ආකාරය දැක්වෙන සිතුවමක් බැන්ක්සි විසින් නිර්මාණය කර තිබුණි

මෙම ගොඩනැගිල්ලේ අයිතිකරු විසින් මෙම චිත්‍රය ලබා දීම සඳහා බොහෝ ස්ථානයන් වෙත කතා කර තිබුණු අතර කිසිවෙකුත් හමු නොවීම නිසා ඔහු විසින් පෞද්ගලික සිතුවමක් ලෙස ලබා ගැනීමට කැමති අයෙකු වෙත එය පරිත්‍යාග කර තිබේ.

මෙහිදී සිතුවම ගොඩනැගිල්ලේ බිත්තිය සමඟම කපා ඉවතට ගෙන තිබූ අතර එය වඩාත් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමටද කටයුතු කර තිබේ.

Rate this item
(0 votes)