April 25, 2024

“මාව හිරකරගෙන ඉන්නේ - මට ප්‍රාණ ඇපකරුවෙක් වෙන්න ඕන නැහැ” - ඩුබායි නිර්මාතෘවරයාගේ දියණියගෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක්

February 17, 2021

ඩුබායි හී නිර්මාතෘවරයා මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා මෙන්ම අග්‍රමාත්‍යවරයා ද වන මොහොමඩ් බිල් රිශාඩ් අල් මක්තුම්ගේ දියණිය වන ෂෙයිකා ලතීෆා විසින් ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් කර තිබේ.

ඒ ඇයව ඩූබායි හී මන්දිරයක සිර කර තිබෙන බවට පවසමිනි.

2018 වසරේ දී ඇය එමීර් රාජ්‍යයෙන් සාගරය ඔස්සේ පලා යෑමට ගත් උත්සාහයක් ගෙන ඇති අතර එහිදී ඇය ඉන්දියාවේ ගෝවා බලා යෑමට සිට තිබුණි.

 නමුත් එම උත්සාහය ව්‍යර්ථ කරමින් ඇයව නැවත වරක් ෂෙයික් රිශාඩ් අල් මක්තුම්ගේ නිලධාරීන් විසින් ඇයව පැහැරගෙනවිත් ඩුබායි හී ඇති මන්දිරයක සිරකොට තිබුණි.

ඇය විසින් එම මන්දිරයේ නාන කාමරයක සැඟව රහසිගතව වීඩියෝවක් පටිගත කර තිබුණු අතර 2018 වසරෙන් පසුව ඇය ගැන ලැබුණු පළමු හෝඩුවාවත් එය විය.

මෙම වීඩියෝව බිබිසී මාධ්‍ය ජාලය ඔස්සේ ද ප්‍රචාරය කර තිබුණි.

එහිදී ඇය කියා තිබුණේ “මම දැන් ප්‍රාණ ඇපකරුවෙක් වෙලා.. මේ මන්දිරය දැන් බන්ධනාගාරයක් බවට පත් වෙලා..” යනුවෙනි. එමෙන්ම ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු නිවෙසන් පිටත් සිටින බවත්, තවත් දෙදෙනෙකු නිවස තුළ සිටින බවත්ය.

එමෙන්ම ඇය විසින් වෙනත් වීඩියෝවක සඳහන් කර තිබුණේ තමන්ට ප්‍රාණ ඇපකරුවෙකු ලෙස සිටීමට අවශ්‍ය නොවන බවත්, තමන්ට මින් නිදහස් වීමට අවශ්‍ය බවත්ය.

තමන්ට මෙම මන්දිරයේ දොර වසාගෙන සිටි එකම ස්ථානය නාන කාමරය බවත් එතැන සිට මෙම වීඩියෝව පටිගත කළ බවද ඇය කියා තිබුණි.

තමන්ට දැන් කලකිරීමෙන් සිටින බවත් තමන්ගේ බලාපොරොත්තු බිඳී ගොස් ඇති බවත් ඇය එහිදී කියා සිටියාය.

2018 වසරේ දී ඇයව ඇයගේ පියාගේ සහචරයන් විසින් පැහැර ගෙන යන අවස්ථාවේ ඇයට පහර දී තිබුණු බවත් ස්කයි මාධ්‍ය ජාලය සඳහන් කර තිබුණු අතර ඇයව ආයුධ සන්නද්ධ ආරක්ෂකයන් විසින් මුර කරනු ලබන මන්දිරයක සිර කර ඇති බවත් සඳහන් වෙයි.

එමෙන්ම මොහොමඩ් බිල් රිශාඩ් අල් මක්තුම්ගේ දෙවැනි බිරිඳ වන හායා කුමරිය ද 2019 දී සිය දරුවන් දෙදෙනා සමඟ බ්‍රිතාන්‍ය වෙත පලා ඇවිත් තිබුණු අතර ඇය පවසා තිබුණේ තමන්ගේ ජීවිතය ගැන තිබුණු බිය නිසා මෙලෙස පලා ආ බවයි.

ඇය විසින් නිකුත් කර තිබූ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)