April 19, 2024

ඉතිහාසය අලුතින් ලියමින් ලෝක වෙළෙඳ සංවිධානයේ මුල්පුටුව නයිජිරියානු කාන්තාවකට හිමිවෙයි

February 16, 2021

ලෝක වෙළෙඳ සංවිධානයේ සභාපති ධූරයට ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් තේරී පත්ව තිබේ. 

ඒ නයිජිරියාවේ හිටපු මුදල් අමාත්‍යවරිය වූ නගෝසි ඔකොන්ජෝ ඉවාලා ය.

එමෙන්ම ඇය ලෝක වෙළෙඳ සංවිධානයේ සභාපති ධූරයට පත් ප්‍රථම අප්‍රිකානු ජාතිකත්වයක් හිමි පුද්ගලයා ද වෙයි.

66 වැනි වියේ පසු වන ඔකොන්ජෝ මෙම සංවිධානයේ සභාපති ධූරයට පත් වන්නේ ඇමෙරිකාව සහ චීනය අතර උණුසුම් වෙළෙඳ යුද්ධයක් ඇතිව තිබෙන අවස්ථාවකද වීම විශේෂත්වයකි.

ඇය ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව උසස් ලෙස අධ්‍යාපනය ලබා තිබෙන අතර නයිජිරියාව දරුණු ණය ආගාධයන්ගෙන් ගලවා ගැනීමට දැඩි උත්සාහයක් ගත් තැනැත්තියක් ද වෙයි.

Rate this item
(0 votes)