April 19, 2024

ඇමෙරිකාව සමාජ මාධ්‍ය කළඹමින් සුපිරි ධනවතා බිල් ගේට්ස්ගේ දියණිය කොරෝනා එන්නත ලබාගෙන

February 15, 2021

ලෝක ප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම බිලියනපති ලැයිස්තුවේ 03 වෙනි ස්ථානය හිමි කරගෙන සිටින බිල් ගේට්ස්ගේ දියණිය විසින් ඇමෙරිකානු සමාජ මාධ්‍ය කළඹමින් කොරෝනා වෛරසය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට කටයුතු කර තිබේ.

ඇමෙරිකානු සමාජය තුළ මෙන්ම ලෝකය තුළ ප්‍රසිද්ධව තිබූ බිල් ගේට්ස් විසින් මයික්‍රෝ බයෝ චිප්ස් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත දමා මිනිස්සුන්ට එන්නත් කර ඔවුන් හරහා දත්ත සොරා ගැනීමටත්, මනස පාලනය කිරීමටත් උත්සාහ කරන බවට තිබූ මතය බිඳ දමමින් ඇය විසින් මෙලෙස එන්නත ලබා ගැනීමට කටයුතු කර තිබූණි.

මෙලෙස කොරෝනා වෛරසය සඳහා වූ එන්නත ලබා ගැනීමට කටයුතු කර තිබුණේ බිල් ගේට්ස්ගේ වැඩිමහල් දියණිය වන 24 වැනි වියේ පසුවන ජෙනිෆර් කැතරින් ගේට්ස් විසිනි.

ඇය එන්නත ලබා ගැනීමෙන් පසුව කියා තිබුණේ තමන්ගේ සුපිරි දැනුමැති පියා විසින් එන්නත තමන්ගේ මොළය වෙනස් කිරීමට යොදා නොගත් බවත් ඒ හැකියාව ඇත්තේ mRNA වලට පමණක් බවත් ඇය කියා තිබුණි.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇමෙරිකානු සමාජ මාධ්‍ය තුළ ඇතිව තිබූ අතර බොහෝ පිරිසක් කියා තිබුණේ ප්‍රමුඛතාව ලබා දී ඇති ලැයිස්තුවක් තිබියදී මෙන්ම තවත් මිලියන ගණනක පිරිසක් එන්නත ලබා ගැනීමට සිටියදී ඇයට ප්‍රමුඛතාවය ලබා දීම ගැටලුකාරී බවයි. 

එමෙන්ම ධනවත් බව හමුවේ ඇයට එන්නත ලබා ගැනීමට හැකියාවක් ලැබුණු බවද තවත් පිරිසක් සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් ගේට්ස් දියණිය සඳහන් කර තිබුණේ තමන්ගේ සෛලවලට ආරක්ෂිතව හැඩ ගැසීම සඳහා එන්නත ලබා ගැනීම තමන් ලද ප්‍රමුඛතාවයක් හෝ වරප්‍රසාදයක් හෝ නොවන බවයි. වෛද්‍ය සිසුවෙකු මෙන්ම අනාගත වෛද්‍යවරයෙකු ලෙස තමන්ගේ අනාගත පුහුණු වීම් සඳහා මෙම එන්නත ලබා දීම පිළිබඳව තමන් ස්තූතියිවන්ත වන බවද ඇය සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් ඇයට සමාජ මාධ්‍ය හරහා දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.

Rate this item
(0 votes)