April 24, 2024

ඇටකටු ගල් ගැසෙන තරම් සීතලක් මධ්‍යම ඇමෙරිකාව වෙලාගනී - වසර 116කට පසුව අවම උෂ්ණත්වය වාර්තා වෙයි

February 15, 2021

මධ්‍යම ඇමෙරිකාව දැඩී සීතල කාලගුණයක් හේතුවෙන් පීඩාවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍ය වාර්තා කරන පරිදි අවම උෂ්ණත්වය වාර්තා වී තිබුණේ සෙල්සියස් අංශක -50ක් වන අතර වැඩිම වාර්තා වී තිබුණේ වැඩිම උෂ්ණත්වය ලෙස වාර්තා වී තිබුණේ සෙල්සියස් අංශක -11ක අගයකි.

මෙම නිසාම පසුගියදා ඇමෙරිකාවේ අධිවේගී මාර්ගයක වාහන 100කට අධික ප්‍රමාණයක් එකිනෙක ගැටී තිබුණු අතර එයට හේතුව වී තිබුණේ මාර්ගයේ අයිස් මිදී තිබීම බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.

එමෙන්ම මේ වන විට මධ්‍යම ඇමෙරිකාව තුළ මාර්ග අනතුරු මෙන්ම අධික සීතල නිසාම සිදුවිය හැකි හානි ගැන අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇතැයිද සඳහන්.

එමෙන්ම ටෙක්සාස් ප්‍රාන්තයේ විදුලි සැපයුමටද මෙම උෂ්ණත්වය බලපෑම් කර ඇති අතර එහි ප්‍රධාන විදුලි සැපයූමේ යන්ත්‍ර සූත්‍ර පවා මෙම උෂ්ණත්වය හමුවේ හිම මිදී ඇතිබවද වාර්තා වෙයි. 

අධික සීතල බලපෑ ඇති ආකාරය සටහන් වූ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 15 February 2021 11:50