March 29, 2024

නිල් පැහැති බල්ලන් පිරිසක් නිසා රුසියාවේ සමාජ මාධ්‍ය කැළඹෙයි - ඡායාරූප සහිතයි

February 12, 2021

රුසියාවෙන් නිල් පැහැයට හැරුණු බල්ලන් පිරිසක් හමුවීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ද ඩේලී මේල් පුවත්පත වාර්තා කරන්නේ මෙම බල්ලන් හට කොපර් සල්ෆේට් රසායනික ද්‍රව්‍ය ගෑවීම නිසා මෙලෙස නිල් පැහැයට හැරෙන්නට ඇති බවයි.

මෙම බල්ලන් පිරිස වාර්තා වූ ප්‍රදේශයේ වසර 06කට පෙර දැවැන්ත රසායනික නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තිබුණු බවද ඇතමෙක් සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කර තිබුණු අතර එම කර්මාන්ත ශාලාවේ තිබූ රසායනික ද්‍රව්‍යයක් නිසා මෙලෙස මෙම සුනඛයන් නිල් පැහැයට හැරෙන්නට ඇති බවටද ඔවුන් පවසා තිබුණි.

රුසියානු ස්පුට්නික් පුවත් සේවයද වාර්තා කර සිටියේ මෙම සුනඛයන් හට වසා දැමූ කර්මාන්ත ශාලාවේ තිබූ කොපර් තොගයක් හමුවන්නට ඇති බවයි.

නිදැල්ලේ සැරිසරන සුනඛයන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ වාසය කරන බවට වාර්තා වන අතර ඔවුන් මෙලෙස මෙම කර්මාන්ත ශාලාව තුළටද යන්නට ඇති බව බොහෝ දෙනා විශ්වාස කරයි.

Rate this item
(0 votes)