April 25, 2024

ලෝකයම පුදුම කරමින් පාකිස්ථානය මානසික ආබාධ සහිත පුද්ගලයින් දෙදෙනෙකු මරණ දඬුමෙන් ගලවයි

February 12, 2021

පාකිස්ථානයේ ඉහළම අධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළේ මානසික ආබාධ සහිත පුද්ගලයන් දෙදෙනෙකුට මරණ දඬුවම අත්හිටු වීමත් සමඟයි.

මෙම තීන්දුව මීට වසර ගණනාවක් පුරා ඇදෙමින් තිබුණු අතර පාකිස්ථානයේ මානව හිමිකම් සඳහා වූ සංවිධානයන් මෙම තීන්දුවට ලබා ගැනීම සටනක් ගෙන ගියහ.

මෙලෙස මරණ දඬුවම අත්හිටුවා තිබුණේ කනිසාන් බීබී නම් වසර 30ක් සිරගෙදර මරණ දඬුවම සඳහා නියමව සිටි භින්නෝන්මාදයෙන් පෙළෙන කාන්තාවකි. ඇය වයස අවුරුදු 16 දී ඇය සේවය කළ නිවසේ හිමිකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බවත් එය හේතු කොටගෙන නිවසේ හිමිකරුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් පස්දෙනා ඝාතනය කර ඇති බවට සඳහන් වෙයි. 2000 වසරේ දී ඇය මානසික අස්ථාවර බවත් ඇය භින්නෝන්මාදයෙන් පෙළෙන බවත් සොයා ගත්තේය.

මරණ දඬුවම නියමව සිටින අනිත් පුද්ගලයාද භින්නෝන්මාදයෙන් පෙළෙන පුද්ගලයෙකු වන අතර ඔහු නමින් ඉමාද් අලී ය. ආගමික පූජකවරයෙකු ඝාතනය කළ වරදට ඔහුට මරණ දඬුවම නියම කොට තිබුණි.

මෙම දෙදෙනාව විශේෂඥ මනෝ විද්‍යා මණ්ඩලයක් මඟින් පරික්ෂා කිරීමෙන් පසුව නිදහස් කිරීමට හෝ ඔවුන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා මානසික රෝහලකට ඇතුළත් කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇතැයිද වාර්තා වෙයි.

ලෝක මානව හිමිකම් සංවිධානයන්ගේ බලපෑම මත 2008 වසරේ දී පාකිස්ථානය මානසික රෝගීන් සඳහා මරණ දඬුවම ලබා නොදීමේ අන්තර්ජාතික සම්මුතියකට එළැඹ සිටියත් ඔවුන් 2015 වසරේ දී මානසික අබාධ සහිත පුද්ගලයෙකු එල්ලා මරා දැමූ බව මානව හිමිකම් සංවිධානයන් අනාවරණය කර තිබේ.

පාකිස්ථානය ඉස්ලාමීය රටක් ලෙස දැඩිව නීතිය ක්‍රියාත්මක කරන අතර 2014 වසරේ දී තලේබාන් ප්‍රහාරයකින් දරුවන් 150කට ආසන්න ප්‍රමාණයක් මිය යෑමත් සමඟ ඔවුන් අපරාධ සඳහා මරණ දඬුවම දීම කරගෙන යනු ලබන අතර එතැන් පටන් මේ වනතෙක් පුද්ගලයින් 515ක් එල්ලා මරා ඇති අතර තවත් 4200ක් මරණ දඬුවම නියමව සිටියි.

Rate this item
(0 votes)