April 23, 2024

ඉන්දියා⁣ව පාලනය කරන දෙන්නා ගැන රාහුල් ගාන්ධි හෙළි කරයි - රාහුල් කිව්වේ අදානි ගැනද?

February 11, 2021

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නව ආර්ථික සංකල්පය "අපි දෙන්නා - අපේ දෙන්නා" සංකල්පය බවට රාහුල් ගාන්ධි අද (11) එරට පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. 

මෙම සංකල්පය රට යක්ෂකරණයට ලක් කරන බවත් භාණ්ඩ හා සේවා බදු පැනවීම්, ගොවී නිතී වැනි දේවල් නිසා රට තුළ අර්බුද පැන නැගී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

"අපි දෙන්නා - අපේ දෙන්නා" යනු ඉන්දියානු පවුල් තුළ උපත් පාලනය කිරීම සඳහා යොදා ගත් වැකියක් වන අතර එය අද රට පාලනය කිරීමටද යොදාගෙන ඇති බවට රාහුල් ගාන්ධි පවසා සිටියේය. ඉන්දියාව සම්පුර්ණයෙන්ම පුද්ගලයින් 04 දෙනෙකු විසින් මෙහෙය වන බවටද රාහුල් ගාන්ධි එහිදී වැඩිදුරටත් පැවසීය.

අග්‍රාමාත්‍ය මෝදිගේ මිතුරා කවුරුද යන්න රාහුල් ගාන්ධි විසින් හෙළි නොකළත් ඔහු විසින් පවසා සිටියේ සියලු දෙනා එම පුද්ගලයාව හොඳින්ම දන්නා බවයි.

ඉන්දියානු ගොවි අරගලය ගැනද සඳහන් කරමින් රාහුල් ගාන්ධි පවසා සිටියේ ගොවීන්ගේ විරෝධය, පිටතින් පෙනෙන සියල්ලම නොවන බවයි. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ "මෙය ගොවීන්ගේ විරෝධතාවයක් බව ඔබ සැවොම සිතනවා. නමුත් ඔබ සැවොම ඉතා වැරදියි. මෙය ඉන්දියාවේ විරෝධතාවයයි ... ගොවීන් එයට මඟ පෙන්වමින් සිටිනවා" බවයි.

එමෙන්ම ඔහු කියා සිටියේ මෙම ගොවි නීති මඟින් ගොවීන් විනාශ කිරීම පමණක් නොව, අතරමැදියන් අවසන් කර කුඩා සාප්පු හිමියන්ට, කුඩා ව්‍යාපාරිකයින්ට “විනාශකාරී බලපෑමක්” ඇති කරන බවත් එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට දැවැන්ත පහරක් වනු ඇති අතර එය ඉන්දියාවේ ග්‍රාමීය ආර්ථිකය විනාශ කරනු ඇති බවයි.

රාහුල් ගාන්ධි විසින් විශේෂ අනාවරණයක් කරමින් පැවසූවේ පළමු ගොවිපොළ නීතියේ අභිප්‍රාය වන්නේ ගොවීන්ගේ නිෂ්පාදන ඉහළම කර්මාන්තකරුවන් කිහිප දෙනෙකුට විකිණීම සහතික කිරීම බවයි. ඔවුන්ගෙන් එක් අයෙකු රජයේ පළමු මිතුරා ලෙස හැඳින්වෙන බවද ඔහු පැවසීය. දෙවන ගොවිපොළ නීතියේ අභිප්‍රාය වන්නේ ප්‍රතිලාභ දෙවන මිතුරා වෙත සහතික කිරීම බවද පැවසීය.

ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ ඉන්දීය ආණ්ඩුවේ අභිප්රාය පැහැදිලි බවත් ඔවුන්ට අවශ්‍ය වන්නේ ගොවියා, කම්කරුවා, කුඩා සාප්පු හිමියන්, අතරමැදියා බිඳ දමා ඉන්දියාවේ කොඳු නාරටිය බිඳ දමා කැබලි කොට මෙම මිතුරන්ට පෝෂණය කිරීම බවත් රාහුල් ගාන්ධි පවසා සිටියේය.

එමෙන්ම රාහුල් ගාන්ධි විසින් ඉන්දීය රජයට අනතුරු ඇඟවීමක් කර සිදුකරමින් පවසා සිටියේ "මේ රටේ ගොවීන් හා කම්කරුවන් ඔබව විනාශ කරනු ඇත. ඔබ ඔවුන්ට එරෙහිව කිසි විටෙකත් ජයග්‍රහණය නොකරනු ඇත. ගොවීන් අඟලක් පසුපසට නොයනු ඇත.. ඔබට මෙම නීති අවලංගු කිරීමට සිදුවනු ඇත. අවසානයේදී ඔබට සියල්ල අහිමි වනු ඇත, එය ස්ථීරයි.." බවයි.

ඔහු මේ බව පැවසූවේ ඉන්දීය අයවැය කතාව අවස්ථාවේ වන අතර ඔහුගේ කතාවට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය විසින් දිගින් දිගටම බාධා එල්ල කරනු ලැබීය.

Rate this item
(0 votes)