April 20, 2024

ඔබ දන්නවාද? ලෝකයේම කොරෝනා වෛරස් අංශු ඇත්තේ සෝඩා ටින් එකක ප්‍රමාණයට බව (VIDEO)

February 11, 2021

බ්‍රිතාන්‍ය බාත් සරසවියේ ගණිතඥයෙකු විසින් අපුරු න්‍යායක් ලෝකයට ඉදිරිපත් කිරීමට සමත්ව තිබේ. ඒ කොරෝනා වෛරසය සම්බන්ධවයි.

ඔහු විසින් කරන ලද ගණිතමය න්‍යාය ඔස්සේ ඔහු හෙළිදරව් කර තිබෙන්නේ ලෝකයේ ම කොරෝනා වෛරස් අංශු සියල්ලම සෝඩා ටින් එකක් ඇතුළට දැමිය හැකි බවයි.

කිට් යේට්ස් නම් මෙම ගණිතඥයා විසින් මෙම න්‍යාය නිර්මාණය කිරීම සඳහා ලෝකයේ කොරෝනා වෛරස් ආසාදන අනුපාතය, පැතිරීමේ වේගය, රෝගීන් ගණන ඇතුළු බොහෝ දත්ත මෙම න්‍යාය ඉදිරිපත් කිරීමට යොදාගෙන තිබේ.

යේට්ස්ගේ මෙම න්‍යාය අනුව මිලිලීටර් 330ක සෝඩා කෑන් එකකට ලෝකය තුළ පවතින කොරෝනා වෛරස් ප්‍රමාණය එකතු කළ හැකි බවට ඔහුගේ න්‍යාය තුළින් ඉදිරිපත් කර තිබේ.

ඔහු එම සංකල්පය ඉදිරිපත් කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ඔහුගේ ට්විටර් ගිනුම තුළ පළ කර තිබුණි.

එම ගණිතය න්‍යාය ඉදිරිපත් කළ ආකාරය පහතින්,

Rate this item
(0 votes)