April 18, 2024

ඉන්දියානු ගොවී ගැටලුවට හිටපු සුප්‍රකට නිල් චිත්‍රපට රැජිනත් මැදිහත් වෙයි

February 08, 2021

ඉන්දියාවේ ගොවීන් විසින් එරට රජයේ නව ගොවී නිතීන්වලට එරෙහිව ගෙන යන අරගලයට සහාය දීම සඳහා මේ වන විට ලෝකයේ බොහෝ සුප්‍රසිද්ධ චරිතද එක්වෙමින් තිබේ.

සුප්‍රසිද්ධ ගායිකාවක් සහ නිළියක් ද වන රිහානා මෙන්ම ලෝකයේ දැවැන්ත පරිසර ක්‍රියාකාරිණියක් වන ග්‍රේටා තුන්බර්ග් ද මෙම අරගලයට සහාය පළ කරන බවට සිය ට්විටර් ගිනුම් හරහා ප්‍රකාශ කර තිබුණි.

මෙම පිරිස වෙනුවෙන් සිය සහාය ද පළ කිරීමට හිටපු සුප්‍රකට වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට සඳහා සිය රංගනය ලබා දුන් මීයා කලීෆා ද එකතු වී තිබේ.

ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ තමන් ද ඉන්දීය ගොවියන් සමඟ එකට සිටගන්නා බවයි.

ඉන්දියාවේ ගොවීන් විසින් එරට නව ගොවී නීතින්වලට එරෙහිව මාසයකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩ විරෝධතාවයක නිරත වෙමින් සිටියි. මෙම විරෝධතාවය අතර ආරක්ෂක අංශ සහ ගොවීන් අතර ගැටුම් ද ඇති විය.

ඇය තැබූ ට්විටර් සටහන පහතින්,

Rate this item
(0 votes)