April 18, 2024

උතුරු ඉන්දියාවේ ග්ලැසියර් අනතුරකින් 150 ක් අතුරුදන් !

February 07, 2021

උතුරු ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් දස ‍දෙනෙකු මරණයට පත්ව තවත් පුද්ගලයන් 150 කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව තිබේ. මෙම අනතුර වාර්තා වන්නේ උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ චමෝලි දිස්ත්‍රික්කයෙනි.

නන්දා දේවී කඳු පන්තියට අයත් ග්ලැසියරක් ගංගාවක වේල්ලක් ආසන්නයට කඩා වැටී ඇති අතර මේ නිසා අදාල වේල්ලට බරපතල හානි සිදුව තිබේ.

ගංගාවේ ජල විදුලි යෝජනා ක්‍රමයක කම්කරුවන් පිරිසක් අනතුරට ලක්ව තිබේ. මේ වනවිට ආපදා සහන කණ්ඩායම් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ගංගාවේ වේල්ලට හානි සිදුව තිබීම හේතුවෙන් ගංවතුර තත්වයක්ද ඇතිව තිබේ. 

Rate this item
(0 votes)