April 19, 2024

මහා බ්‍රිතාන්‍යයේ සැබෑ ජාතික වස්තුව මියයයි - රැජිණත් ශෝකය පළ කරයි

February 03, 2021

මහා බ්‍රිතාන්‍යයේ සැබෑ ජාතික වස්තුව නමින් එරට ජනතාව හැඳින්වූ කපිතාන් ටොම් මුවර් මියයාමේ ශෝකජනක පුවත වාර්තා වේ.

බ්‍රිතාන්‍ය ජනයාගේ ආදරය හා ගෞරවය දිනාගත් කීර්තිමත් හමුදා නිලධාරියෙකු වූ ඔහු කොවිඩ් හතුරා පරාජය කිරීම සඳහා බිතාන්‍ය සෞඛ්‍ය සේවයට පවුම් මිලියන 32 ක ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 6400ක් පමණ) මුදලක් වයස අවුරුදු 100දී එකතු කර දීමේ හේතුවෙන් ලොව පුරා ජනප්‍රියත්වයට මෙන්ම ආදරයට හා ගෞරවයට ලක්විය.

කපිතාන් ටොම් මුවර් මිය ගියේද කොවිඩ් වැළඳීම හේතුවෙන් වීමද විශේෂත්වයකි.

කොවිඩ් වසංගතය පැමිණි අවස්ථාවේ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවට මුදල් එකතු කර දීම සඳහා සිය 100 උපන් දිනයට පෙර සිය ගෙවත්තේ ඇවිදීමෙන් පවුම් මිලියන 32 ක මුදල එකතු කර ගන්නා ලදී.

කපිතාන් ටොම් මුවර් මිය යන විට 101 වන වියේ පසුවිය.

බ්‍රිතාන්‍ය මහ රැජින ද ඔහුගේ මිය යාම සම්බන්ධයෙන් කනගාටුව පල කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 03 February 2021 12:05