April 20, 2024

ඔක්ස්වර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිෂ්පාදනාගාරයට සැක කටයුතු පාර්සලයක් එවූ පුද්ගලයා අත්අඩංගුවට

බ්‍රිතාන්‍යයේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ ක්‍රියාවලියට අවශ්‍ය කරනු ලබන ඔක්ස්වර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිෂ්පාදනය කරනු කරනු ලබන බ්‍රිතානයේ වේල්ස්හී, රෙක්ස්හැම්හි පිහිටා ඇති වොක්හාර්ඩ් එන්නත් නිෂ්පාදනාගාරය වෙත පුද්ගලයෙකු විසින් සැක කටයුතු පාර්සලයක් එවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පාර්සලය සම්බන්ධයෙන් ඇති වූ සැකය හේතුවෙන් නිෂ්පාදනාගරයේ වැඩකටයුතු ද නවතා දමා තිබුණු අතර බෝම්බ නිෂ්ක්‍රීය අංශයද කැඳවා තිබුණු බව සඳහන් වෙයි.

මෙම පාර්සලය තුළ තිබූ දේ හානිදායක නොවන දෙයක් බව සොයාගෙන තිබුණු බවත් සඳහන් වෙයි.

පසුව කළ පරික්ෂණවලදී මෙම පාර්සලය එවූ පුද්ගලයා සොයා ගන්නට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සමත් වන අතර ඔහු 53 වැනි වියේ පසුවන ඇන්තනි කොලින්ස් නම් පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ඔහුව මේ වන විටත් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවද සඳහන් වෙයි.

රෙක්ස්හැම්හි පිහිටා ඇති වොක්හාර්ඩ් එන්නත් නිෂ්පාදනාගාරය තුළ ඔක්ස්වර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 100ක් පමණ නිෂ්පාදනය කරන බව සඳහන් වෙයි.

Rate this item
(0 votes)