April 18, 2024

කොරෝනා ආසාදිතයන් හඳුනා ගන්න ‘ගුද’ මාර්ගයෙනුත් සාම්පල් ගන්න යයි

චීනය විසින් මේ වන විට සිය රටේ නැවත කොරෝනා රෝගීන් වාර්තා නොවීම සඳහා කළ හැකි සියලුම ආකාරයේ ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටින බව වාර්තා වෙයි.

එහිදී දැඩි අවධානමක් සහිත කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා මෙලෙස ගුද මාර්ගයෙන් සාම්පල් ලබා ගැනීමට චීනය කටයුතු කර තිබේ. 

පසුගිය සතිය තුළදී බිජීං නුවරින් හමු වූ කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනීම සඳහා මෙම පරික්ෂාව සිදුකර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා ද මෙම පරික්ෂාව කර ඇති බවට චීන මධ්‍යම රූපවාහිනී සේවය වාර්තා කරයි.

ගුද මාර්ගය ආශ්‍රිතව කරන මෙම පරික්ෂාවේ දී ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීමේ වේගය වැඩි කළ හැකි බවත්, වෛරසය ගුදය තුළ ශ්වසන මාර්ගයට වඩා දිගු කාලයක් පවතින බවත් බීජිං හි යූආන් රෝහලේ ජ්‍යෙෂ් වෛද්‍යවරයෙකු වන ලී ටොංසෙන්ග් චීන මධ්‍යම රූපවාහිනී සේවය වෙත පවසා තිබුණි.

මෙහිදී අඟල් 2ක් පමණ දිගු පුළුන් කැබැල්ලක් සහිත දිගු කූරක් වැනි දෙයක් ගුද මාර්ගය තුළට ඇතුළත් කොට සාම්පල් ලබා ගැනීම සිදු කරනු ලබන බව සඳහන් වෙයි.

නමුත් ශ්වසන රෝගයක් සොයා ගැනීම සඳහා ආසාදිතයන්ට ගුද මාර්ගයෙන් සාම්පල් ලබා ගැනීම ගැන විශේෂඥයින් අනුමත නොකරන බවත් සඳහන් වෙයි.

වුහාන් විශ්ව විද්‍යාලයේ ව්යාධි වෛද්‍ය පිළිබඳව විශේෂඥයෙකු වන යැං ෂැන්කියු චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ කොවිඩ් -19 සඳහා වඩාත් කාර්යක්ෂම පරීක්ෂණ වන්නේ නාසය සහ උගුරින් ලබා ගන්නා සාම්පල් බවයි. රෝගියෙකුගේ මළ  තුළ කොරෝනා වෛරසය තිබූ බවට සොයාගෙන තිබූ  නමුත් කිසිදු පුද්ගලයෙකුගේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා එය සම්ප්‍රේෂණය වී ඇති බවට කිසිදු සාක්ෂියක් හමුවී නැති බවටද ඔහු පැවසීය.

ඕස්ට්‍රේලියානු ජාතික සරසවියේ බෝවන රෝග පිළිබඳව විශේෂඥයෙකු වන වෛද්‍ය සංජය සේනානායක මහතා පවසා සිටියේ චීනය මෙම ගුද පරික්ෂාවන් හරහා ළඟා කරගන්නට හදන දේ පිළිබඳව තමන්ටද අදහසක් නොමැති බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ චීනය විසින් ගුද මාර්ගය ආශ්‍රිතව කරන මෙම පරික්ෂණවලින් හැකිතරම් කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට උත්සාහ කරන බවයි.

මෙම කොරෝනා වෛරස් හඳුනා ගැනීම පිළිබඳව සංචාරකයන් සිය විරෝධය පළ කරන අතරම මෙය හාස්‍යයටද ලක් කර තිබේ.

Rate this item
(0 votes)