March 28, 2024

තම දරුවන් පාසල් යන පළමු දිනයේ පෝටෝ ෆේස්බුක් දාන්නේ බලාගෙනයි

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසීය විසින් සමාජ මාධ්‍ය තුළ සැරිසරන දෙමාපියන් වෙත විශේෂ ඉල්ලීමක් කරමින් තම දරුවන් පාසල් යන පළමු දිනයේ ඡායාරූප සමාජ මාධ්‍යවලට දැමීමේදී රහස්‍යතාව උපරිමයෙන් රැකගන්නා මෙන් ඉල්ලා තිබේ.

පාසැල් නිල ඇඳුමින් සිටින දරුවන්ගේ පින්තූර, ඔවුන්ගේ නම හෝ පසුබිමෙහි ඔවුන් සිටින ස්ථානය පිළිබඳ දර්ශනයන් ළමා අපචාරකරුවන්ට සිය ගොදුරු සොයා ගැනීමට ඉවහල් වනු ඇති බවද ඔවුන් අනතුරු අඟවා තිබුණි.

ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් ළමා අපචාරකරුවන් සොයා කරන ලද වැටලීම්වලදි මෙම නිල ඇඳුම්වලින් සැරසී සිටින දරුවන්ගේ ඡායාරූපද සොයාගෙන ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම මෙම පින්තූර ඔවුන් බොහෝ දෙනා අන්තර්ජාලයෙන් සොයාගන්නා ඒවා බවටද ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් සඳහන් කර තිබුණි.

එමෙන්ම ඕස්ට්‍රේලියානු පොලීසිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ දරුවෙකුගේ ඡායාරූප පළ කරන්නේ නම් එය තමන්ගේ හිතවත්ම අයට බැලීමට පමණක් හැකි ලෙස පළ කරන ලෙසයි.

ඕස්ට්‍රේලියාවේ දී මීට පෙර ලෝකයේ ක්‍රියාත්මක වූ දැවැන්තම ළමා අපචාර රැල්ල වැටලීමද සිදු කරනු ලැබීය.

Rate this item
(0 votes)