April 23, 2024

ටෝකියෝ ඔලිම්පික් කල් දාන්න ජපන් ජනතාවගෙන් ඉල්ලීමක්

ජපාන පුවත්පත් පර්යේෂණ ආයතනය කරන ලද නවතම සමීක්ෂණයක ප්‍රතිඵල අනුව ජපානයේ මේ වසරේ පැවැත්වීමට නියමිතව ඇති ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දමන්නැයි බහුතර පිරිසක් ඉල්ලා ඇති බව සඳහන් වෙයි.

ඊයේ (24) දිනයේ දී නිකුත් කරන ලද මේ සමීක්ෂණ ප්‍රතිඵල අනුව 38%ක ප්‍රමාණයක් ඔලිම්පික් තරඟාවලිය නවතා දැමිය යුතු බවත්, තවත් 34%ක ප්‍රමාණයක් තරඟාවලිය නැවත කල් දැමිය යුතු බවත් පවසා ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම තවත් 83%ක් විශ්වාස කරනු ලබන්නේ ඔලිම්පික් ක්‍රීඩාව නිසා ජපානය නැවත වරක් ලෝකයට විවෘත වනු ඇති බවත් විශාල විදේශිකයන් ප්‍රමාණයක් එරටට පැමිණෙන ඇති බවත් එම නිසා කොරෝනා වසංගත අවදානම නැවත උග්‍ර වනු ඇති බවටද ඔවුන් විසින් පවසා තිබේ.

ඔලිම්පික් උළෙල පැවැත්වීමට තිබුණේ පසුගිය වසරේ වූවත් කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තිය හමුවේ ඔලිම්පික් උළෙල මේ වසර දක්වා කල් දැමීමට තීරණය කරන ලදී. 

ඔලිම්පික් උළෙල සඳහා මේ වන විටත් ජපානය ක්‍රීඩා ස්ථාන ඉදිකිරීම, යටිතල පහසුකම් සහ වෙනත් ඉසව් සඳහා ඩොලර් බිලියන 25 ක් පමණ වියදම් කර ඇති බව සඳහන් වෙයි.

ජපානයේ ජනතා මතය මෙසේ වුවත් එරට රජය ඔලිම්පික් උළෙල පැවැත්වීම පිළිබඳව දැඩි අධිෂ්ඨානයකින් පසුවන බව සඳහන් වෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 January 2021 12:05