April 19, 2024

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් දුමක් නගී - ගිනි අනතුරු සංඥා නාද වෙයි (VIDEO)

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සිට ඉහළ අහස දැවැන්ත දුමාරයක් නිකුත් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දුමාරය ආරම්භ වීමත් සමඟ ගිනි අනතුරු සංඥා ද නිකුත් වී ඇති බවටද සඳහන් වෙයි.

බ්‍රිතාන්‍ය express (එක්ස්ප්‍රස්) වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙම පාර්ලිමේන්තුවේ ජෙනරේටරය ක්‍රියාත්මක කිරීමේදී නිකුත් කරනු ලබන වාෂ්ප බවයි.

නමුත් ගිනි නිවන පද්ධතියේ සංඥා ක්‍රියාත්මක වුණේ ඇයිදැයි තවමත් පැහැදිළිව නොමැති බවද ඔවුන් සඳහන් කර තිබුණි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු සංකීර්ණය අලුත්වැඩිය කළ යුතු බවට පවසා දිනක් ගත වූ අවස්ථාවක වීමද විශේෂත්වයකි.

මෙම ගිනි නිවන සංඥා ක්‍රියාත්මක වූ පසුව බ්‍රිතාන්‍ය ගිනි නිවන රථ 4ක් ද පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇති බවටද සඳහන් වෙයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වසර 200කට වඩා ඉපැරැණි වන අතර 2017 වසරේ දී කළ හානි ඇස්තමේන්තු ගත කිරීමේදී මෙම ගොඩනැගිල්ලේ ගැටලු 40,000ක් ඇති බවට සොයාගෙන තිබුණි.

මෙය වහා පිළිසකර නොකළහොත් ප්‍රංශයේ නොත්‍රඩැම් දේවස්ථානයට සිදු වූ දෙය සිදුවන බවටද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසා තිබුණි.

ගින්න යැයි කී අවස්ථාවේ ලබා ගත් වීඩියෝ දර්ශන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 January 2021 19:25