March 29, 2024

ලෝක ප්‍රසිද්ධ මාධ්‍යවේදියා ලැරී කිංග් ජීවිතයෙන් සමුගනී

ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු වූ ලැරී කිංග් 87 වෙනි වියේ දී ජිවිතයෙන් සමුගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

කොවිඩ්-19 ආසාදිතව සිටි ලැරී පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබුණි.

ලෝක ප්‍රසිද්ධ සම්මාන වන Peabody Award, Emmy ඇතුළු සම්මාන රාශීයක් ද ඔහු දිනා ඇත.

ලෝකයේ ඉහළම පෙළේ රාජ්‍ය නායකයින් බොහෝ දෙනෙක් ඔහු විසින් වැඩසටහන්වලටද සම්බන්ධ කරගෙන තිබූ අතර ඔහුගේ CNN වැඩසටහන අතිශයෙන් ම ජනප්‍රියත්වයට පත්ව තිබුණි.

ඔහු මිය ගොස් තිබුණේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර රෝහලකදීය.

Rate this item
(0 votes)