March 29, 2024

ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජීවිත තර්ජනයක්!

ඉරානයේ උත්තරීතර නායක මෙන්ම ආධ්‍යාත්මික නායක වන අයිතුල්ලා කමේනි විසින් ට්විටර් සමාජ මාධ්‍ය හරහා ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජීවිත තර්ජනයක් කර තිබේ.

අයිතුල්ලා කොමෙනි විසින් සිය ට්විටර් ගිනුමේ ඡායාරූපයක් පළ කර තිබුණු අතර එහි ඩොලන්ඩ් ට්‍රම්ප් ගෝල්ෆ් ක්‍රීඩා කරමින් සිටින ආකාරය දැක්වෙන රූපයක් ද එම අහසේ ඩ්‍රෝන යානයක් හෝ ගුවන් යානයක් ආකාරයේ දෙයක් ගමන් කරනා ආකාරයත් එහි සෙවනැල්ල ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වැටී තිබෙන ආකාරයද දැකගත හැකි විය.

මෙය බොහෝ විට ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේ ඝාතනය වූ ඉරාන යුද නායක කාසෙම් සොලෙයිමනී ඝාතනය සම්බන්ධයෙන් කරන ලද තර්ජනය විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එමෙන්ම අයතුල්ලා කමේනිගේ ගිණුමේ ට්වීට් පණිවිඩය තුළින් මීට වසරකට පෙර බැග්ඩෑඩ් නුවරදී එක්සත් ජනපද ඩ්‍රෝන් යානයකින් ඝාතනය  කරන ලද ජෙනරාල් කාසෙම් සොලෙයිමනී ගැනද සඳහන් ව ඇති බවද සඳහන් වෙයි.

 ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධීපතිවරයා විසින් මීට පෙර කියා සිටියේ ඉරාන ජෙනරාල්වරයා “මිලියන සංඛ්‍යාත ජනතාවගේ මරණයට සෘජුව හා වක්‍රව වගකිව යුතු” බවයි.

ඉරානය සිය ජෙනරාල්වරයාගේ ඝාතනයට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද හමුදාවට අයත් ඉරාක ගුවන් කඳවුරකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීය.

අයතුල්ලා කමේනි ඒ අවස්ථාවේ කියා සිටියේ “අපරාධකරුවන්ට දැඩි පළිගැනීමක් අපේක්ෂා කරන” බවයි.

කමේනි විසින් පළ කර තිබූ නවතම ට්වීට් සටහන තුළ “පළිගැනීම” යන වචනය රතු පැහැයෙන් දක්වා තිබූ අතර ඉතිරි සටහනේ සඳහන් වී තිබුණේ “සොලෙයිමනීගේ මිනීමරුවා සහ එය ඉල්ලූ තැනැත්තාට ගෙවීමට සිදුවනු ඇති” බවයි.

ට්විටර් සමාජ මාධ්‍යයෙන් මෙයට ප්‍රතිචාර දක්වා නොමැති වීම නිසා එහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සිව ට්විටර් පරිශිලකයන් විසින් එම සටහන වෙත ටැග් කර තිබුණි.

මෙම කුරිරු මනෝ ව්‍යාධිකයා විසින් එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයකු ඝාතනය කිරීම සඳහා විවෘතව සටහන් තබන්නේ කෙසේදැයි ට්විටර් පරිශිලකයන් විමසා සිටියේය.

ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචනයන් තිබුණත් ඔහුට මෙවන් තර්ජනයන් සිදු කළ හැක්කේ කෙසේදැයි තවත් පරිශිලකයන් විසින් විමසා තිබුණි.

අයිතුල්ලා කමේනිගේ පණිවිඩ ට්විටර් සමාජ මාධ්‍ය මඟින් ඉවත් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.

කමේනි විසින් පළ කර තිබූ ඡායාරූපය පහතින්,

BBC ඇසුරිණි.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 January 2021 20:47