April 25, 2024

ලෝ ප්‍රකට බිලියනපති එලෝන් මස්ක්ගෙන් ඩොලර් මිලියන 100ක් දිනාගන්න ඔබට අවස්ථාවක් මෙන්න

ලෝකයේ අද වන විට දේශගුණික විපර්යාසයන් මිනිසා මුහුණ දෙන භයානකම විනාශය බවට පත් වෙමින් තිබේ.

ලෝකයේ බොහෝ දෙනා මෙම දේශගුණික විපර්යාසයන් වැළැක්වීම සඳහා සිය උපරිම දායකත්වයද ලබා දෙමින් ඇති මොහොතක ලෝ ප්‍රකට බිලියනපතියෙකු මෙන්ම තාක්ෂණික දැවැන්තයෙකු වන එලෝන් මස්ක් විසින් ද ඩොලර් මිලියන 100ක් දැවැන්ත පරිත්‍යාගයක් නැතිනම් ත්‍යාගයක් ලබා දීමට තමා සුදානම් බව ප්‍රකාශයට පත් කළේය.

ඔහු මෙම පරිත්‍යාගය ලබා දීමට සුදානම් වන්නේ නව නිර්මාණයක් කිරීමට උත්සාහ කරන්නන් හටයි.

මස්ක් සිය ට්විටර් ගිනුමේ සටහන් කර ඇති ආකාරයට වායු ගෝලයට එකතු වන කාබන් එකතු කර ගැනීම සඳහා සාර්ථක තාක්ෂණික ක්‍රමවේදයක් නිර්මාණය කරන්නෙකු සඳහා තමා විසින් ඉහත කී දැවැන්ත ත්‍යාගය වන ඩොලර් මිලියන 100ක මුදල ලබා දෙන බවයි.

මේ පිළිබඳව වැඩි විස්තර තමන් විසින් එළැඹෙන සතියේ ඉදිරිපත් කරන බවද මස්ක් සඳහන් කර තිබුණි.

කාබන් විමෝචනය අද වන විට ලෝකයේ විශාලම පාරිසරික හානිය සිදු කරන දේ බවටද පත්ව ඇති අවස්ථාවක  ලෝකයේ දැවැන්ත තාක්ෂණික නිර්මාණකරුවා වන එලෝන් මස්ක් විසින් කරන ලද මෙම විවෘත ආරාධනය ලෝකයේ ඔහුව අනුගමනය කරන නව නිර්මාණකරුවන් හට කාලගුණික විපර්යාසයන්ට එරෙහිව සිය හැකියාවන් පෙන්වීමට හොඳ අවස්ථාවක් වනු ඇති බවද බොහෝ දෙනෙකු පවසා තිබුණි.

එලෝන් මස්ක්ගේ ට්විටර් සටහන පහතින්,




Rate this item
(0 votes)