March 29, 2024

ගානාවේ ළඳරුවන් විකිණූ දැවැන්ත ජාවාරමක් හසු කරගනී - දරුවෙකු ඩොලර් 5000කට විකුණලා

ගානා රාජ්‍යයේ අලුත උපන් ළඳරුවන් විකුණු ජාවාරමක් නීතියේ රැහනට හසු කර ගැනීමට සමත්ව තිබේ.

අලුත උපන්දරුවන් ළඳරුවන් දෙදෙනෙකු ඩොලර් 5000කට සහ ඩොලර් 4800කට අලෙවි කිරීමට යෑමේදී මෙම වැටලීම සිදු කර තිබේ.

සැකකරුවන් 11 දෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් අතර වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙදියන් සිව්දෙනෙකු, මව්වරුන් දෙදෙනෙකු, සමාජ සුභසාධන නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් වන බව සඳහන් වෙයි.

මෙම ජාවාරම සිදුව ඇත්තේ ගානාවේ අගනුවර වන ඇක්රා සහ යාබද නගරයක් වන තේමා හි සෞඛ්‍ය මධ්‍යස්ථානවල ය.

මෙම ජාවාරම සඳහා දරුවන් සැපයු සමහර මව්වරුන් දරු ප්‍රසුතිය අතර මිය යන්නටත් ඇති බවට බලධාරීන් විසින් සඳහන් කර තිබුණි.

අලුත උපන් බිළිඳුන් රැකබලා ගැනීමට නොහැකි වූ අනෙක් මව්වරුන්ට හට එම දරුවන් විකිණීමට මෙම සැකකරුවන් විසින් උනන්දු කර ඇති බවද ඔවුහු කියති.

විකිණීමට ගොස් බේරාගත් පිරිමි ළමුන් දෙදෙනා දැන් බලධාරීන්ගේ රැකවරණය යටතේ සිටිති.

.

Rate this item
(0 votes)