March 29, 2024

ලෝකයේ දැවැන්තම ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනාගාරය හදිසියේ ගිනි ගනී (VIDEO)

ලෝකයේ දැවැන්තම ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනාගාරය වන ඉන්දියාවේ සේරම් ආයතනය (Serum Institute of India (SII)) හදිසියේ ගිනි ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගින්නට හසුව පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත්, කොවිඩ් -19 සඳහා වූ එන්නත නිෂ්පාදනයට මෙම ගින්නෙන් කිසිදු බලපෑමක් සිදු වී නොමැති බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම ආයතනයේ පස්වෙනි මහලේ මෙම ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේම වහාම හදිසි ඒකකයන් ද කැඳවා ඇති බව සඳහන්.

සේරම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ සුරේෂ් ජාදව් තහවුරු කළේ බීසීජී එන්නත නිපදවීම සඳහා මෙම මහල භාවිතා කරන බවයි.

සේරම් ආයතන යනු ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන අතර මේ වන විට විශාල වශයෙන් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත සහ කොවිශිල්ඩ් (Covishield) එන්නත් නිෂ්පාදනය කරයි.

කෙසේ වෙතත්, කොඩිෂීල්ඩ් එන්නත නිපදවන ස්ථානය මෙම ගින්න හටගත් ස්ථානයට ආසන්න නොමැති බවද අධ්‍යක්ෂකවරයා පැවසීය.

ඉන්දියාවේ පූනේ හී මෙම සේරම් ආයතනය පිහිටා ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 10ක් යෙදවූ බවද සඳහන් වෙයි.

ගින්නට හේතුව තවමත් අනාවරණය නොවී ඇති බවට සඳහන් වෙයි.

ගිනි ගන්නා අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්,


Rate this item
(0 votes)