February 28, 2021

ඩොනල්ඩ් ට්‍රම්ප් සිටින තුරු මන්දගාමී වූ කොරෝනා එන්නත් බෙදීම බයිඩන් ආ සැනින් ඉක්මණ් වෙයි

ඇමෙරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් ඊයේ (20) දිනයේ දී දිවුරුම් ⁣දෙන ලදී.

ඔහුගේ දිවුරුම් දීමෙන් පසුව පළමු දිනයේම ලෝකයේ භාණ්ඩ ප්‍රවාහන සේවාව තුළ ඉහළින්ම සිටින සමාගමක් වන ඇමසෝන් සමාගම විසින් කොරෝනා වෛරසය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත් බෙදා හැරීම වේගවත් කර තිබේ.

කොරෝනා වෛරසය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය එන්නත් ලබා දීම ආරම්භ කර මාසයකට ආසන්න කාලයක් ගතව තිබුණත් එම කාල සීමාව තුළ මෙතරම් ඉක්මණිනි ⁣එන්නත් බෙදා හැරීම සිදු නොවුයේ මන්ද යන්න ගැටලුවත් දැන් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඇතිවෙමින් තිබේ.

එමෙන්ම ඇමසෝන් ව්‍යාපාරයේ පාරිභෝගික සේවා අංශයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේව් ක්ලාක් ජෝ බයිඩන් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ පළමු දින 100 තුළ කොරෝනා එන්නත් මිලියන 100ක් තම ආයතනය විසින් බෙදා හැරීමට නියමිත බවයි.

ට්‍රම්ප් සහ ඇමේසන් ප්‍රධාන විධායක ජෙෆ් බෙසොස් විසින් 2015 සිට මතවාදාත්මක ගැටුම් ඇති කර ගත් අතර ඇමසෝන් හී දේශපාලනය රිපබ්ලිකානුවන්ට වඩා ඩිමොක්‍රටිකයන්ට පක්ෂව පුළුල් නැඹුරුතාවයකින් යුතුව පක්ෂව සිටිති.

ඇමෙරිකානු පුරවැසියන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විටත් මෙම ක්‍රියාවට විරුද්ධව අදහස් පළ කරමින් සිටින අතර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ "ඇමෙරිකාවන්ගේ ජීවිතවලට වඩා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ලොකු වීම ගැන දැනගන්න ලැබීම ගැන සතුටු වෙනවා"යැයිද බොහෝ දෙනා පවසා සිටි අතර තවත් පිරිසක් විමසා තිබුණේ "මාසයකට කළින් ඔබලා කොහෙද හිටියේ.." යන්නයි.

තවත් පුද්ගලයෙකු සඳහන් කර තිබුණේ ඇමසෝන් ආයතනය විසින් ඔවුන්ගේ උපරිම පහසුකම් මෙතරම් වේගයෙන් යෙදවීම තුළින් එක් රාත්‍රීයක් තුළ කොරෝනා වෛරසය අතුරුදහන් වුවත් පුදුම නොවන බවයි.

ජෝ බයිඩන් සිය දේශපාලන ව්‍යාපාරය තුළ දිගින් දිගටම ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා කළේ ඔහු විසින් කොරෝනා පාලනයට සහ මරණ වළක්වා ගැනීමට පියවර නොගන්නා බව පවසමිනි.

ඇමෙරිකාව ලෝකයේ කොරෝනා මරණ වැඩිම ප්‍රමාණයක් වාර්තා වන රටවන අතර පසුගිය කාල සීමාව තුළ දිනකට 4000ක් පමණ මිය ගිය අවස්ථාව වාර්තා විය.

ඊයේ (20) දිනය විට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සමස්ත මරණ ලක්ෂ 4ක් වාර්තා වී තිබුණි.

Rate this item
(1 Vote)