April 25, 2024

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අලුත් පක්ෂයක් පිහිටුවන්න සුදානම් වෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව දේශපාලන පක්ෂය පිහිටුවීමට අදහස් කරගෙන ඇතැයි ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු විසින් පවසා තිබේ.

නමුත් එම උපදේශකවරයා විසින්ම එම අදහස පසුව බැහැර කර තිබුණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ඔහු නියෝජනය කරනු ලබන රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන්ගේ අප්‍රසාදයටද ලක්ව සිටියි.

ට්‍රම්ප් විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුව වීමට අදහස් කර ඇතත් එය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් මේ වනතුරු මාධ්‍ය වෙත හෙළි වී නොමැති නමුත් ට්‍රම්ප් සිය අවසන් කතාවේදී පවසා තිබුණේ තමා ආරම්භ කළ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යන බවයි.

වෝල් ස්ට්‍රීට් ජර්නලය මාධ්‍ය ආයතන විසින් ට්‍රම්ප් නව පක්ෂයක් පිහිටුවීම කෙරෙහි උනන්දුවක් දක්වන බවට මුලින්ම වාර්තා කළ අතර එම පක්ෂය හිටපු ජනාධිපතිවරයා විසින් “දේශප්‍රේමී පක්ෂය” ලෙස හඳුන්වනු ඇති බවද සඳහන් කර තිබුණි.

Rate this item
(2 votes)