April 25, 2024

ඇමෙරිකාවේ දේශපාලන කේන්ද්‍රස්ථානය වූ කැපිටල් ගොඩනැගිල්ල හදිස්සියේ ලොක්ඩවුන් කරයි

වොෂිංටන් ඩීසී හි එක්සත් ජනපදයේ දේශපාලන කේන්ද්‍රස්ථානය වන කැපිටල් ගොඩනැගිල්ල අවට ප්‍රදේශය සහ එම ගොඩනැගිල්ල ලොක්ඩවුන් කර ඇති බව වාර්තා වේ.

එම ස්ථානයේ සිටි පිරිසක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ‍ බාහිර තර්ජනයක් ඇතිබවට අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම පසුගිය 06 වෙනිදා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාක්ෂිකයන් විසින් පහර දුන් කැපිටල් ගොඩනැගිල්ලෙන් මේ වන විට කළු දූමාරයක් නිකුත් වන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී. 

ගොඩනැගිල්ලෙන් දුමාරය නැගෙන අවස්ථාවේ වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(0 votes)