April 24, 2024

මූල්‍ය චෝදනා ලැබූ සැම්සූන්ග් ප්‍රධානියා සිරගෙට

අල්ලස් ලබා දීම් ඇතුළු මූල්‍ය චෝදනා එල්ල වූ සැම්සූන්ග් හී ප්‍රධානියා වන ලී ජේ-යොං ට ඊයේ (18) දිනයේ දී දකුණු කොරියාවේ සෝල් මහාධීකරණය විසින් වසර 2 1/2ක සිර දඬුවම් නියම කොට තිබේ.

අධීකරණ තීන්දුව ලබා දීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වෙයි.

2017 වසරේ ද ඔහුට මූල්‍ය චෝදනා එල්ල වූ අතර වසර 05කට සිර දඩුවම් හිමි වූ නමුත් ලීගේ පාර්ශවය විසින් ගොනු කරන ලද අභියාචනා තුළින් ඔහුගේ චෝදනා ඉවත් කර ගැනීමට හැකි වූ අතර ඔහු එම දඬුවමෙන් නිදහස් විය.

සැම්සූන්ග් ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ලී ජේ-යොං ගේ පියා වන ලී කුන්-හී පසුගිය වසරේ දී දිවියෙන් සමුගත් අතර මේ වන විටත් දකුණු කොරියාවේ විශාලතම ආයතනයක් වන සැම්සූන්ග් ආයතනයේ ප්‍රධානීත්වය පිළිබඳවද ගැටලුවක් ඇතිව තිබේ.

Rate this item
(0 votes)