April 25, 2024

ලෝ ප්‍රකට බිලියනපතියා එලෝන් මස්ක්ගෙන් ඉන්දීය සුපිරි තරුව සල්මන් ඛාන්ට ඩොලර් මිලියන 5ක ආධාරයක්

ලෝකයේ ප්‍රකටම තාක්ෂණික දැවැන්තයා වන එලෝන් මස්ක් විසින් ඉන්දියානු සිනමාවේ සුපිරි තරුවක් වන සල්මන් ඛාන්ට හට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ආධාරයක් ලබා දී තිබේ.

ඒ සල්මන් ඛාන් විසින් පවත්වාගෙන යනු ලබන අසරණ දරුවන් සඳහා වූ අධ්‍යාපනය ලබා දීමේ අරමුණ පෙරදැරි කරගෙන නිර්මාණය කර ඇති ඛාන් පදනමේ වැඩ කටයුතු සඳහාය.

සල්මන් ඛාන් විසින් විශේෂ වීඩියෝවක් යුටියුබ් සමාජජාලයට එක් කරමින් පවසා තිබුණේ එලෝන් මස්ක් හට ඔහු කරන පරිත්‍යාගය පිළිබඳව හොඳ හැඟීමක් ඇති බවයි.

එමෙන්ම මෙම පරිත්‍යාගයෙන් ඔවුන්ගේ ඉදිරි කටයුතු ඉතාමත් ඉක්මණින් කරගත හැකිවනු ඇති බවටද සල්මන් ඛාන් විසින් පවසා තිබේ.

දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා අවශ්‍ය විශාල පහසුකම් ප්‍රමාණයක් ද මින් ලබාගත හැකිවනු ඇති බවටද සල්මන් ඛාන් විසින් සඳහන් කර තිබුණි.

2002 දී ආරම්භ කරන ලද මස්ක් පදනම විසින් ලෝකයේ පුනර්ජනනීය බලශක්තිය, මානව අභ්‍යවකාශ ගවේෂණය, ළමා රෝග හා විද්‍යා හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පර්යේෂණ සඳහා මෙලෙස විශාල වශයෙන් උපකාර කර ඇති බවට වාර්තා වෙයි.

ඛාන් පදනමද ලාභ නොලබන පදනමක් ලෙස පවත්වා ගෙන යනු අතර එහි ඉගෙන ලබන දරුවන් හට උසස්ම අධ්‍යාපනයක් ලබා දීම ප්‍රධාන අරමුණ වී තිබේ.

මේ වන විටත් ඛාන් පදනම යටතේ ලියාපදිංචිව සිටින දරුවන් සංඛ්‍යාව මිලියන 120ක් බවද සඳහන් වෙයි.

Rate this item
(2 votes)