April 25, 2024

තේරී පත් වූ ඇමෙරිකානු උප ජනපති කමලා හැරිස් සිය සෙනට් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඇමෙරිකාවේ තේරී පත් වූ නව උප ජනාධිපති කමලා හැරිස් සිය සෙනට් ධූරයෙන් අද (18) දිනයේ දී ඉල්ලා අස්වන බව වාර්තා වෙයි.

ඒ ඇයගේ නව තනතුර වන ඇමෙරිකානු උප ජනාධිපති ධූරයේ දිවුරුම් දීම සඳහාය.

එමෙන්ම ඇයගේ ඉල්ලා අස්වීම ඇය නියෝජනය කරන ප්‍රාන්තය වන කැල්ෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන ගෙවින් නිව්සොම් හට දැනුම් දී ඇති අතර ඇයගෙන් පුරප්පාඩු වන සෙනට් සභික ධූරය සඳහා නමක් ද ඇය විසින් යෝජනා කර තිබේ.

ලබන 20 වැනිදා කමලා හැරිස් සිය ජනපති ජෝ බයිඩන් සමඟ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරියේ දී සිය ධූරයන්ගේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)