April 20, 2024

ශීත කාලයේ දී ලෝකයේ දෙවැනියට උසම තැනට නැග්ග නේපාල ජාතිකයෝ වාර්තාවක් පිහිටුවයි

දැඩි ශීත කාලයක් පවතින සමයක් තුළ ලෝකයේ දෙවැනියට උසම ස්ථානය ලෙස සැලැකෙන K2 කඳු මුදුන තරණය කිරීමට නේපාල ජාතිකයන් පිරිසක් සමත් වී තිබේ.

එම දස්කම දැක්වූ පළමු පිරිස බවටද ඔවුන් ලෝක ඉතිහාසයට එක්වනු ඇත.

K2 කඳු මුදුන යනු ලෝකයේ උසින් වැඩිම කඳු මුදුන වන එවරස්ට් කඳු මුදුනට පසුව උසම කඳු මුදුන වේ. 

මුහුදු මට්ටමේ සිට මීටර් 8,611ක් ක් උසකින් යුතු මෙම කඳු මුදුණ සීත කාලයේ දී තරණය කිරීම දැඩි අසීරු කටයුත්තක් ලෙසෙත් එය කළ නොහැක්කක් ලෙසත් බොහෝ කඳු තරණය කරන්නන් අතර මතයක්ද පවති.

සීතල තුළ දිවි රැක ගැනීමට ඇති හැකියාව සහ මාර්ගයන් සොයා ගැනීමට ඇති අපහසුතා වැනි හේතු නිසා මෙම කඳු මුදුණ තරණය කළ නොහැකි බවට සඳහන් වෙයි.

කෙසේ වෙතත් මින්ග්මා ගයල්ජ් ෂර්පා, නිර්මාල් පූර්ජා, පුන් මාගර්, ජෙල්ජේ ෂර්පා, මින්ග්මා ඩේවිඩ් ෂර්පා, මින්ග්මා ටෙන්සි ෂර්පා, ඩාවා ටෙම්බා ෂර්පා, පෙම් චිරි ෂර්පා, කිලූ පෙම්බා ෂර්පා, ඩාවා ටෙන්ජින් ෂර්පා සහ සෝනා ෂර්පා යන පිරිස මෙලෙස එම කළ නොහැකි යැයි කියූ අභියෝගය කළ හැකි බවට පෙන්වූ පිරිස බවට පත්ව තිබේ.

Rate this item
(0 votes)