March 29, 2024

ඇමෙරිකාවේ රාජ්‍ය පරිපාලනය ඉන්දියාවට නතුවෙයි? බයිඩන් පාලනයේ ප්‍රධාන තනතුරු 20ක්ම ඉන්දියානුවන්ට

ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත් වූ නව ජනාධීපති ජෝ බයිඩන් දිවුරුම් දීමට ඇත්තේ තව දින 03ක පමණ කාලයකි.

මේ වන විටත් ඔහුගේ පරිපාලනයට අවශ්‍ය කරන තනතුරු පත් කරමින් සිටින අතර මෙම නව තනතුරු අතර ඉන්දියානුවන්ට සුවිශේෂි තැනක් හිමිව තිබේ.

බයිඩන්ගේ පරිපාලන සේවය තුළ මේ වන විටත් ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකානු 20 දෙනෙකුට පමණ ප්‍රධාන පෙළේ නතතුරු ලබා දී ඇති බවට වාර්තා වෙයි.

ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කමලා හැරිස් ද ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවකි.

ඇමෙරිකානු ජනගහනයෙන් ඉන්දියානුවන් 1%ක් පමණ වාසය කරන අතර ඉන් කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු ඇමෙරිකානු රාජ්‍ය පරිපාලනයට මෙලෙස එක්වනු ඇති බවට සඳහන් වෙයි.

මෙම ලබා දී ඇති තනතුරු අතර සභාපති ධූර, අධ්‍යක්ෂක ධූර මෙන්ම සහ තවත් ප්‍රධාන පෙළේ තනතුරු ද වන බව සඳහන් වෙයි.

ඒ අතර ධවල මන්දිර පරිපාලනය සහ ඇයවැය සම්බන්ධව සිටින අධ්‍යක්ෂක ධූරය, එක්සත් ජනපද ප්‍රධාන ශල්‍ය වෛද්‍ය උපදේශක, අධිකරණ දෙපාර්තමේන්තුවේ සහකාර නීතිපති යන ධූරයන්වල ඉන්දියානුවන් කටයුතු කරනු ඇත.

නව ජනාධිපති ආර්යාවගේ ප්‍රධාන උපදේශක ධූරයටද මෙලෙස ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක් තේරී පත්ව ඇති බවට සඳහන් වෙයි.

Rate this item
(2 votes)