March 29, 2024

මාර්වින් හීමයර්ගේ පළිගැනීම සහ මිනීමරු ඩෝසරයේ දවස

2004 වසරේ ජුනි 04 වැනිදා ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ග්‍රැන්බි නගරයට ඒ තරම් වාසනාවන්ත දිනයක් නම් නොවීය. එයට හේතුව වුයේ ඒ අවස්ථාව වන විටත් නගරය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 7කට ආසන්න විනාශයක් සිදුව තිබීමයි.

ටොන්‍ 16 ක් බර කොමට්සු D355A වර්ගයේ දැවැන්ත බුල්ඩෝසර් රථයක් ග්‍රැන්බි නගරයේ පොදු දේපළ විශාල ප්‍රමාණයක් ඒ වෙද්දීත් විනාශ කර දමා තිබුණි. මේ රථය පිටුපස පොලීසිය හඹා ගියත් ඔවුන් දුටු දෙයින් ඇස් අදහා ගත නොහැකි විය. එම බූල්ඩෝසර් රථය වෙඩි නොවදින යුධ ටැංකියක් මෙන් අලුත්වැඩියා කොට තිබුණු අතර ප්‍රබල අවි බලයකින් ද යුක්ත විය.

සියල්ල ඇරඹුනේ මාර්වින් හීමයර් නම් පුද්ගලයෙකුගේ කතාව වටාය. මේ "මාර්වින් හීමයර් ගේ පළිගැනීම සහ මිනීමරු ඩෝසරයේ දවස" නම් මෙම ලිපියෙන් දිගහැරෙන්නේ ලෝකයේ එක් අතකින් වීරයෙක් වූත් තම අයිතිය වෙනුවෙන් හඬ නෑගු මිනිසෙකු ලෙස ඇමෙරිකානුවන් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද, නමුත් ඇමෙරිකානු රජය විසින් ඔවුන්ගේ නීතිය විසින් අපරාධකරුවෙකු කරන ලද පුද්ගලයෙකුගේ කතාවක් පිළිබඳවයි.

මර්වින් හීමයර්

මාර්වින් හීමයර් යනු අනික් ඇමෙරිකානු පුරවැසියන් මෙන්ම ෆෙඩරල් නීතියට ගරු කරමින් ජීවත් වුුණු පුද්ගලයෙකි. ඔහුගේ රැකියාව වුණේ වෑල්ඩින් වැඩයි. වර්ෂ 1992 සිට ඔහු කොලරාඩෝ ප්‍රාන්තයේ ග්‍රැන්බි නගරයේ තමන්ගේ කාර්මික වැඩපොළ පවත්වාගෙන යමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටියේය.

හීමයර් මේ වැඩපොළ පවත්වාගෙන ගියේ ඔහු විසින් ග්‍රැන්බි නගරයේ පාලනය අධිකාරියෙන් මිලදී ගත් ඉඩමකයි. මාර්වින් තමන්ගේ වැඩපොළට අමතරව ඔහු ජීවත් වෙන නිවස ද මේ ඉඩමේ ම නිර්මාණය කරගෙන තිබුණා. නගරයේ තිබුණු හොඳම ඉඩම්වලින් එකක් වුණු හීමයර්ගේ ඉඩම වෙත බොහෝ දෙනෙකුගේ විශේෂයෙන් ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අවධානය යොමු වෙලා තිබුණි.

කාලය ගෙවී යද්දී හීමයර් ට ඔහුගේ ඉඩම විකුණන්න අවස්ථාවක් උදා විය. ඒ කොන්ක්‍රීට් නිෂ්පාදනය කරන ආයතනයක් සඳහායි. හීමයර් තමන්ගේ ඉඩම ඔවුන්ට මුලදී විකිණීමට කැමති වුණත් ආදළ ආයතනය විසින් ඉදිරිපත් කරන ලද ගිවිසුමේ කොන්දේසිවලට හා නියම කර තිබු මිලට හීමයර් කැමත්තක් දැක් නොවීය. ඔහු කිහිප වතාවක් ම මේ යෝජනාවන් ප්‍රතික්ෂේප කළ තිබුණි. නමුත් ආයතනය ඉඩම ලබා ගැනීමේ අරමුණ අත අරින්නත් කැමැත්තක් දැක් වුයෙත් නැහැ.

‍කෙසේ වෙතත් ග්‍රැන්බි නගරයේ පාලන අධිකාරිය හීමයර්ගේ ඉඩම ආසන්නයේ ම කොන්ක්‍රීට් වැඩපොළ ඉදිකීරීමට අවසර ලබා දෙන්න කටයුතු කළේය. ඉඩම ආසන්නයේ වැඩපොළ ඉදිකළත් හීමයර්ගේ ඉඩම මේ ඉදිකිරීම් ආයතනයට හසු විය. හීමයර් නීතියට වැඩ කළ අයෙක් වුණත් ඔහුට මේ සිදුවීම ගැන දරා ගන්න බැරි තරම් පීඩනයක් කේන්තියක් ඇති කළේය. වසර 9ක් පුරාවටම තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගත්ත තැන නැති වෙන එක හීමයර් හට දරා ගන්න පුළුවන් වුණේ නැහැ. අවසානයේ හීමයර්ට බලාපොරොත්තු අත ඇර ගන්න සිදුවිය. ඔහු ඔහුගේ ඉඩම බේර ගන්න දරපු හැම උත්සාහයක්ම ආසර්ථකව ගොස් තිබුණි.

මර්වින් හීමයර් විසින් නිෂ්පාදනය කළ 'මිනීමරු ඩෝසරය'

හීමයර් 2003 වසරේ දී ඔහුගේ ඉවසීම හා සියලු දේ අත් හැර දමන්නට තීරණය කළේය. ඒ මහා ඛේදවාචකයක ඇරුඹුමක් සනිටුහන් කරමිනි. කාලයකට කළින් ඔහු කොමට්සු D355A වර්ගයේ දැවැන්ත බුල්ඩෝසරයක් මිලදී ගෙන තිබුණේය. නගරයෙන් පිට ඔහුගේ තවත් වැඩපොළකට ඔහු මේ බූල්ඩෝසරය නවතා තිබුණි. හීමයර් ඊළඟ මාස කිහිපය ඉතාමත් නිහඬව කාලය ගත කළ අතර ඔහුගේ අවසන් නැවතුම වුණු නගරයෙන් පිට වැඩපොළට වී කාලය ගත කළේය. 2004 ජූනි 04 වැනිදා ග්‍රැන්බි නගරයේ අවසානය තීරණය කරන දිනය එළඹුණි. වියරු වැටුණු මාර්වින් හීමයර් කොමට්සු D355A වර්ගයේ බුල්ඩෝසරයකින් නගරය වනසන්න පටන් ගත්තේය.

හීමයර් තමන්ගේ දැනුම උපරිමයට ප්‍රයෝජනයට ගෙන තිබුණි. ඔහු බූල්ඩෝසරයක් මිලිටරි වාහනයකට වඩා ප්‍රබල ලෙස වැඩි දියුණු කිරීමට සමත්ව තිබුණා. බූල්ඩෝසරයේ එන්ජීම, රියදුරු කුටිය සහ පිටත ආවරණය වෙඩි නොවදින ලෙස නිර්මාණය කර තිබුණේය. ඒ යකඩ ආවරණයක් මැදට කොන්ක්‍රීට් පුරවමිනි.

කිසිදු ආකාරයකට මෙයට හානියක් සිදු කළ හැකි ආයුධයක් එදා ග්‍රැන්බි හෝම්ලෑන්ඩ් සිකියුරිටි එක සතුව තිබුණේ නැත. වියරුවෙන් පළිගැනීමේ චේතනාව සිතට ගෙන පැමිණි මාර්වින් හීමයර් ග්‍රැන්බි නගරයේ නගර ශාලාව, පොලිස් මුලාස්ථානය, හිටපු නගරාධිපතිගේ නිවස, නගර සභා ගොඩනැගිල්ල සහ ඔහුගේ ඉඩම උදුරාගත් කොන්ක්‍රීට් වැඩපොළ ඇතුළු ගොඩනැගිලි 13ක් පොළවට සමතලා කරලා දාන්න සමත් වුණා.

ඒ කිසිවක් නිසා නෙමෙයි. ඔහු විශ්වාස කරපු රටේ නීතිය ඔහු වෙනුවෙන් ඉදිරිපත් නොවීම නිසායි.

හීමයර්ගේ ඩෝසරයට මිනීමරු ඩෝසරය ලෙස නම් බැඳුනත් ඔහු කිසිදු ජීවිතයකට හානියක් සිදු කරේ නැත. පොලිස් නිලධාරීන් පැය ගණනක් තිස්සේ මෙම බූල්ඩෝසර් රථයට වෙඩි තැබුවත් කිසිදු හානියක් කරන්නට හැකි වුණේ නැහැ. ඉන්පසු අත්බෝම්බ ප්‍රහාර කිහිපයක් ද එල්ල වුණා. නමුත් එයින් ද හානියක් වුණේ නැහැ. බර අවි යොදා පහර දුන්නත් හානියක් කරන්නට හැකියාවක් තිබුණේ ද නැත.

එයට හේතුව වුයේ මෙහි වෙඩි නොවදින ආවරණය යකඩ සහ කොන්ක්‍රීට් යොදා අඟල් 3ක් පමණ ඝනකමට ඉදිකොට තිබීමය බව පහසුව හෙළි විය.

මර්වින්ගේ මිනීමරු ඩෝසරය විසින් ගොඩනැගිල්ලක් කඩා දමමින්

වියරු වැටුණු හීමයර් සහ ඔහුගේ ඩෝසර් සන්න හා සන්නද්ධ රථය නවතා ගැනීමට කිසිවෙකු සමත් වන්නේ නැහැ. ඒ නිසා නගර අධිකාරිය විසින් හමුදා සහාය පතන්නට සැරැසුණා. ඒ වේග ප්‍රහාර හෙලිකොප්ටරයක් වන අපාචි වර්ගයේ හෙලිකොප්ටරයක් මඟින් යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමටයි. නමුත් ඊට පෙර ඉදිකිරීම් කේෂ්ත්‍රයේ නියැලී පුද්ගලයෙකු හීමයර්ව නවතා දමන්නට කටයුතු කරනවා. ඒ තවත් දැවැන්ත ෆූල්ලෝඩර් වර්ගයේ රථයකින් මාර්වින් පසුපස හඹා ගොසිනි. තමන් වෙත එන අනිත් රථය දුටු මාර්වින් එය හප්පාගෙන යනවා. අනිත් පුද්ගලයා උත්සාහය අත්නොහැර ඔහු පසුපසම ගියේය.

හීමයර්ගේ  ඊළඟ ඉලක්කය වී තිබුණේ යකඩ නිපදවන කම්හලකි. ඔහු එය විනාස කිරීමට එයට ඇතුළ් වෙනවා සමඟම පිටුපසින් පැමිණි රථයට ඔහුට නැවත එළියට එමට නොහැකි ලෙස මාර්ගය අවහිර කරනු ලැබීය. කම්හල තුළට කඩා වැදුණු හීමයර්ගේ බූල්ඩෝසර් රථය ටික දුරක් ගොස් නැවතුණි. එහි එන්ජීම ක්‍රියා විරහිත විය. හෝරා කිහිපයත් ගත විය. ඩෝසරයේ කිසිදු ආකාරය ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. පොලිස් නිලධාරීන් එය වටලනු ලැබීය. ඔවුන් පැය 2කට ආසන්න කාලයක් උත්සාහ කිරීමෙන් පසු ඩෝසරයේ ආවරණය කපා එයට ඇතුළ් විය. හීමයර් ඒ වෙන විටත් සියදිවි නසාගෙන තිබුණේය. ඒ වෙඩි තබාගෙනයි. ඔහුගේ පළිගැනීම සම්පුර්ණ වු නිසා ඔහු එසේ සියදිවි නසා ගන්නට ඇති බව බොහෝ දෙනා පැවසූවේය.

රථය පරික්ෂාවට ලක් කර ඇති අතර එය අධි තාක්ෂනයෙන් යුක්ත වුණා. පිටත පෙනෙන ආකාරයේ කැමරා පද්ධතියක් ද, මෙහෙය වීම් සඳහා පරිගණක පද්ධතියක් ද, අවි බලය සඳහා බර අවි වන 50 caliber rifle, .308 semi-automatic, .22 long rifle යොදගෙන තිබුණා. ඊට අමතරව වෙඩි උණ්ඩ කෑම බීම, මත්පැන් ආදියත් එය තුළ තිබුණි. හීමයර්ගේ නිවස පරික්ෂා කිරීමේ දී ඔහු තමන්ගේ නිර්මාණය කිරීමට යොදා ගත් සැලැසුම් සහ ඔහු එවැනි ක්‍රියාවක් කිරීමට හිත පොළඹවා ගත් වීඩියෝ තැටි කිහිපයක් ද හමු විය. හීමයර් එම රථය උපයෝගී කරගෙන ග්‍රැන්බි පාලන අධිකාරියට කර තිබුණු පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක් විය.

මාර්වින් හීමයර්ගේ කතාව ඇමෙරිකාව තුළ දැඩි සංවාදයට තුඩු දුන් කතාවක් වුණා බොහෝ දෙනා ඔහුව වීරයෙක් කළ අතර තවත් පිරිසක් ඔහු අපරාධකරුවෙක් හා මානසික රෝගීයෙකු ලෙස නම් කරා. මාර්වින් ගේ ඩෝසර් රථයේ අවි ආයුධ කොටස් ගලවා ඉවත් කිරීමෙන් අනතුරුව එය සන්න හා සන්නද්ධ රථ ගැන ආසාවක් දක්වන සිසුන්ට ඉගෙන ගැනීම සඳහා ලබා දුන් බව සඳහන් වේ. එය බොහෝ යුධ රථ නවීකරණය පිටිවහලක් වු බවත් සඳහන් වෙයි.

මර්වින්ගේ මිනීමරු බුල්ඩෝසරය අවසානයේ නැවති තිබූ අයුරු

Rate this item
(0 votes)