April 25, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප් Huawei වලට කළ දේ Xiaomi වලටත් කරලා

ඇමෙරිකානු වත්මන් ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූර කාලය අවසන් වීමට තවත් දින කිහිපයක් ඉතිරිව තිබියදී චීනය සමඟ දැඩිව වෛර බැඳ ගන්නා තත්ත්වයට පත්ව තිබේ.

එම වෛරය හමුවේ චීනයේ තවත් ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක්ම ඇමෙරිකාව තුළ සිය වෙළෙඳ ව්‍යාපාරයන් කිරීම තහනම් කර තිබේ.

ඒ අනුව ලෝකයේ ප්‍රධාන පෙළේ ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන Comac (කොමාක්) සහ ලෝකයේ නැගී එන ස්මාර් දුරකථන නිෂ්පාදන සමාගමක් වන Xiaomi (ෂියාඕමි) නම් ව්‍යාපාර ආයතනයන් ඇමෙරිකාව තුළ අසාදු ලේඛන ගත කර ඇත්තේ ඒවා චීන හමුදා ව්‍යාපාර යැයි පවසමිනි.

මීට පෙර ඔහු විසින් සුප්‍රසිද්ධ දුරකථන සහ සන්නිවේදන සමාගමක් වන Huawei (හුවාවි) සමාගමද ඇමෙරිකාන තුළ තහනම් කිරීමට කටයුතු කළේය.

මෙම සමාගම් ද්වීතය සඳහා සිය කොටස් ආයෝජනය කර ඇති ඇමෙරිකානු සමාගම් සහ පුද්ගලයින් හට 2021 වසරේ නොවැම්බර් 11 වෙනිදා දක්වා එම කොටස් ඉවත් කර ගැනීමට විශේෂ කාලයක් ද ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු චීන තනාපති කාර්යාලය විසින්ද කිසිදු අදහසක් දක්වා නොමැත.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ චීන තහනම් ලේඛනය මේ වන විට පුළුල් වෙමින් පවතින බවත් වාර්තා වෙයි.

වර්ෂ 1999 දී ඇමෙරිකානු ආරක්ෂාව සම්බන්ධව ඇති විශේෂ පනත් උපයෝගී කරගනිමින් වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ආරක්ෂක දෙපාර්තුමේන්තුවට බලපෑම් කර ඇත්තේ චීනය සතු හෝ චීනයේ හමුදාවන් සතු ආයතනයන්වල ලේඛනයක් වහාම සකසන ලෙසයි.

මේ වන විටත් ආයතන 35කින් යුතු ලේඛනයක් පෙන්ටගනය විසින් සකසා ඇති අතර එයට ලෝකයේ තෙල් සම්බන්ධව ඇති දැවැන්ත සමාගමක් වන CNOOC සහ මයික්‍රෝචිප් නිෂ්පාදනය කරන ආයතනයක් වන SMIC ආයතනයද ඇතුළත් වෙයි.

 තේරීපත් වූ නව ජනාධිපතිවරයා වන ජෝ බයිඩන් විසින් මේ වන විටත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති හකුලා දමන බවට ප්‍රසිද්ධියේ කිහිප අවස්ථාවකම පවසා ඇති බැවින් මෙම චීන සමාගම් මත පටවා ඇති තහනම් බොහෝ විට ඔහු විසින් ඉවත් කරනු ඇති බවට මත පළවෙයි.

Rate this item
(0 votes)