April 25, 2024

ඕස්ට්‍රේලියාවම කලබල කළ පරවියාව සොයා ගනී

දේශ සීමා තරණය කරමින් ඕස්ට්‍රේලියාවට පැමිණියා යැයි කියූ පරවියෙකු නිසා ඕස්ට්‍රේලියාව තුළ විශේෂ මෙහෙයුමක් ද සිදු කර තිබුණි.

ඒ එම පරවියා හේතුවෙන් ඕස්ට්‍රේලියානු පක්ෂින්ට සෘජු ජෛව ආරක්ෂණ අවදානමක් ඇතිවිය හැකි බවත් සොයා ගත් පසුව මරා දමන බවත් මීට පෙර ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

මෙසේ මරා දැමිය යුතුයැයි තීරණය කර තිබුණේ එරට පවතින දැඩි නිරෝධායන සත්ත්ව නීතිය යටතේ මෙම පරවියා පරික්ෂාවට ලක් නොවීමයි.

නමුත් මෙම පරවියා සොයා කළ පරික්ෂණයවලදී හෙළිව ඇත්තේ මෙම පරවියා ඕස්ට්‍රේලියාවේ ම පරවියෙකු වීමට ඇති හැකියාව වැඩි බවයි.

මෙම පරවියාගේ එක් පාදයක ඇමෙරිකාවේ යැයි සඳහන් වන ටැගයක් තිබූ බවට මීට පෙර සඳහන් ව තිබුණත් එය පිළිබඳව සැකයක් මේ වන විට මතුව තිබේ.

මෙල්බර්න්වල ගෙවත්තකදී මෙම පරවියා මුලින්ම දැක තිබුණු බවත් එම පරවියා සිටි තැන ඇමෙරිකාවේ යැයි සඳහන් ටැගයක් වැටී තිබුණු බවත් සොයා ගෙන තිබුණි.

නමුත් ඕස්ට්‍රේලියාවේ කෘෂිකර්ම, ජල සහ පරිසර දෙපාර්තුමේන්තුව විසින් පවසා තිබුණේ එම ටැගය ව්‍යාජ එකක් බවට තහවුරු කරගත් බවයි.

එමෙන්ම ඇමෙරිකාවේ පරවි තරඟ පවත්වන සංවිධානයද එම ටැගය ඔවුන්ගේ නොවන බවටද තහවුරු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නිසා මෙම පරවියා බොහෝ දුරට ඕස්ට්‍රේලියාවේම විය හැකි බවත් කළින් කරන ලද ජෛව ආරක්ෂණ අවදානමක් ඇති බවට කරන ලද අනතුරු ඇඟවීමත් ඉවත් කර තිබේ.

සබැඳි පුවත

දේශසීමා තරණය කර ආ පරවියෙකු සොයා ඕස්ට්‍රේලියාවේ‍ විශේෂ මෙහෙයුමක් - හසු වුණොත් මරා දමන්නැයි නියෝග

Rate this item
(1 Vote)
Last modified on Friday, 15 January 2021 16:59