March 08, 2021

අඩි 17000ක් උඩ දී ගුවන් යානයේ වීදුරු කඩාගෙන විසි වුණු ගුවන් නියමුවා බේරා ගත් හැටි

වර්ෂ 1990 ජූනි මස 10 වෙනිදා ලෝකයේ වඩාත් කතාබහකට ලක් වූ ගුවන් අනතුරක් සිදුවිය. 

මෙම අපුරු ඒත් බිහිසුණු අනතුරු සිද්ධ වී තිබුණේ බ්‍රිතාන්‍ය එයාර්වේස් සමාගමට අයත් BAC-111 ගුවන් යානය එංගලන්තයේ සිට ස්පාඤ්ඤයේ මැලගා දක්වා මගීන් 81 දෙනෙකු සමඟ ගමන් කරමින් තිබුණි.

ගුවන් යානය බ්‍රිතාන්‍යයේ ඩිඩ්කොට් ප්‍රදේශය පහුකරමින් තිබියදී එක්වර නියමු කුටියේ ඉදිරිපස ප්‍රධාන නියමුවරයාගේ ආසන්නයේ ඇති වීදුරුව බුරුල් වන්නට වූ අතර අඩි 17,000ක් පමණ ඉහළ අහසේ දී වීදුරුව ගැලවී විසි වි ගියේය. එවිට ඇති වූ දැඩි පීඩනය හමුවේ ගුවන් යානයේ නියමු කුටීරය වැසෙන දොර (Cockpit Door) ගැලවී ගිය බවද සඳහන් වෙයි.

මෙම පීඩනය හමුවේ ප්‍රධාන නියමුවා වූ කැප්ටන් ටිම් ලැන්කැස්ටර් අසල තිබූ වීදුරුව මෙලෙස ගැලවී ගොස් තිබූ අතර ඔහුව වායු පීඩනය හමුවේ ගුවන් යානයෙන් පිටතට ඇදි ගියේය. නමුත් නියමු කුටීරයේ සිටි නියමු සහකයවරයා වන නයිජල් ඔග්ඩන්ට විසින් වහාම සිට කැප්ටන් වෙත පැන ඔහුගේ කකුල් දෙකෙන් අල්ලා ගන්නට සමත්විය. 

කැප්ටන් ටිම් ලැන්කැස්ටර් වෙත ඇදි ගිය ආකාරය සහ නයිජල් ඔග්ඩන් විසින් ඔහුව අල්ලාගෙන සිටින ආකාරය (නැවත සැකසූ අවස්ථාවකි)

යානයේ ස්වයංක්‍රීය නියමු පද්ධතිය කැප්ටන්වරයාගේ පාද වැදීම හේතුවෙන් අක්‍රිය වී තිබුණු අතර යානය පැයට සැතැපුම් 400ක පමණ වේගයෙන් පහතට ඇදී ගොස් තිබුණු බව සඳහන් වන අතර ගුවන් යානය සමබර කරගෙන යෑම සඳහා සහයක නියමුවරයා වූ ඇලෙස්ටෙයාර් ඇචින්සන් දැඩි පරිශ්‍රමයක් දරා තිබුණි. ඇචින්සන් විසින් සිය ආරක්ෂිත පටි ඉවත් නොකර සිටීම නිසා ඔහු ගුවන් යානයෙන් පිටතට විසි වීමෙන් ආරක්ෂා වී තිබුණි. 

නියමු කුටීරයට පැමිණි තවත් ගුවන් සේවකයෙකු විසින් කැප්ටන්වරයාගේ දෙපාවලින් අල්ලාගෙන සිටි නයිජල් ඔග්ඩන්ව ප්‍රධාන නියමුවාගේ ආරක්ෂිත පටිවලින් ගැට ගසා ඔහුව පිටතට විසි වීම වළක්වන්න සමත් විය.

කැප්ටන් ටිම් ලැන්කැස්ටර්ගේ කමිසය ගැලවී ගොස් තිබුණු අතර ඔහුගේ දෙපාවලින් ගුවන් යානය දෙසට නැවී ගොස් තිබුණි.

නියමු කුටීරයේ පවතින වායු පීඩනය නිසා අධික ශබ්දයක් තිබූ අතර ප්‍රධාන පාලක මැදිරිය විසින් ගුවන් යානය අමතන හඬවත් සහායක ගුවන් නියමුවා වූ ඇලෙස්ටෙයාර් ඇචින්සන් ඇසි නොතිබුණි. ප්‍රධාන නියමුවරයාව අල්ලාගෙන සිටින නයිජල් ඔග්ඩන්ගේ දෑත් සීතලට ගල් ගැසෙමින් තිබූ බවත් ඔහු අතින් කිහිප අවස්ථාවකම ප්‍රධාන නියමුවා ලිස්සා යෑමට ගිය බවත් ඔහු සඳහන් කර තිබුණේය.

අනතුරට පත් ගුවන් යානය

හැම තැනකම ලේ විසිරි තිබුණු බව පවසා තිබුණු නයිජල් ඔග්ඩන් පවසා තිබුණේ කැප්ටල් ටිම් හට අධික සුළං පීඩනය නිසා සිය දෑස් වසා ගැනීමට පවා නොහැකිව තිබුණු බවත් ඔහුගේ දෑත් සුළඟට සෙලවෙන හැටිත් තමා දුටු බවයි.

සහය නියමුවා විසින් නැවත වරක් ස්වයංක්‍රීය නියමුවරයා සක්‍රීය කරගැනීමට සමත්ව තිබුණු අතර යානය අනතුරකට පත් වීමට පෙර අඩි එකොළොස් දහසක් පහළට විනාඩි 02ක් තුළ ගෙන ඒමටද ඔහුට සිදු වූ අතර යානය නැවත සිය පාලනයට ගැනීමටත් ඔහුට හැකියාව ලැබී තිබුණි.

නයිජල්ගේ දෑත් දැඩි ලෙස සීතල වීම නිසා ඔහුට සිය කැප්ටන්වරයා අත් හැරීමට යාමට පෙර නයිජල්ව ආරක්ෂිත පටිවලින් ගැට ගැසූ ගුවන් සේවකයා විසින් කැප්ටන්ගේ දෙපාද ආරක්ෂිත පටිවලින් ගැට ගසා දැමූවේය. ගුවන් සේවක පිරිසෙන් බොහෝ දෙනෙක් කැප්ටන් මිය ගොස් ඇති බව සිතා ඔහුව අත්හැර දමන ලෙස නයිජල් හට පවසා තිබුණත් නයිජල් විසින් කැප්ටන්ව අත් හැරීමට සුදානම් නොවීය.

කැප්ටන් ටිම් ලැන්කැස්ටර් යානයෙන් පිටතට විසි වී රැඳි සිටි ආකාරය (නැවත සැකසූ අවස්ථාවකි)

සහය ගුවන් නියමුවරයා විසින් යානය සදම්ටන් ගුවන්තොටුපොළ වෙත ගෙන යෑමට සමත්ව තිබූ අතර ඔහු විසින් යානය ගොඩබෑම සඳහා දිර්ඝ ධාවන පථයක් ඉල්ලා තිබුණු නමුත් ඔහුට ලැබුණේ කෙටි ධාවන පථයකි. 

කෙසේ වෙතත් යානය ආරක්ෂිත ගොඩබැස්ස වීමට සහය නියමුවරයා වූ ඇලෙස්ටෙයාර් ඇචින්සන් සමත් වූ අතර මගීන් සියලු දෙනාව ආරක්ෂිත ගුවන් යානයෙන් බැස්ස වීමට කටයුතු කර තිබුණි. 

නයිජල් විසින් මගීන් සියලු දෙනා ඉවත් වූ පසුව නැවත නියමු කුටිය වෙත ගොස් තිබුණු අතර ඔහු එහි යන විටත් වෛද්‍යවරුන් විසින් කැප්ටන්ව යානය තුළට ගෙන තිබූණි.

යානයේ ප්‍රධාන නියමුවරයා වූ ටිම් ලැන්කැස්ටර්ව රුධිරයෙන් නැහවී ගොස් තිබුණු අතර ඒවා සීතල කැටි ගැසි ගොස් තිබුණි. එමෙන්ම ඔහුගේ උරහිසේ අස්ථි බිඳි ගොස් තිබූ අතර ඔහුගේ දෑත්වල මැණික් කටුව බිඳී ගොස් තිබූ අතර මාපට ඇඟිල්ලක් ද කැඩි ගොස් තිබුණි. යානය තුළට කැප්ටන් ටිම්ව ගත් පසුව මුලින්ම පවසා ඇත්තේ තමාට බඩගිනි බවයි.  

මේ සියල්ල සිදුවීමට ගොස් තිබුණේ මිනිත්තු 18ක පමණ කාලයකි.

අනතුරින් මාස 05කට පසුව නැවත වරක් ප්‍රධාන නියමු ටිම් ලැන්කැස්ටර් නැවත ගුවන් සේවයට එක්ව තිබුණි.

නමුත් ප්‍රධාන ගුවන් නියමුවා බේරාගත් නයිජල් ඔග්ඩන් හට පශ්චාත් කම්පන සහගත ආතතිය (post-traumatic stress) පෙළුණු අතර ඔහු නැවත ගුවන් සේවයට එක් නොවුණු බවත් සඳහන් වෙයි.\

යානයේ ප්‍රධාන නියමුවා අසළ වීදුරු ගැලවී යාමට හේතුව පසුව අනාවරණය කරගන්නා අතර එයට හේතුව වී තිබුණේ එම වීදුරුව සවි කර තිබූ ඇනවල ශක්තිමත් භාවය නොමැති වීමයි.

අනතුරට පත්  කැප්ටන් ටිම් ලැන්කැස්ටර් සහ ගුවන් යානයේ සේවකයන් පිරිස

(The Vintage News ඇසුරිණි)

Rate this item
(3 votes)
Last modified on Friday, 15 January 2021 15:46