March 28, 2024

දේශසීමා තරණය කර ආ පරවියෙකු සොයා ඕස්ට්‍රේලියාවේ‍ විශේෂ මෙහෙයුමක් - හසු වුණොත් මරා දමන්නැයි නියෝග

ඇමෙරිකානු පරවියෙකු නිසා ඕස්ට්‍රේලියාව තුළ යම් හදිසි තත්ත්වයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේදී පැවැති පරවි තරඟයකදී මෙම පරවියා අතුරුදහන් ව තිබුණු අතර මෙම පරවියා මේ වන විට ඕස්ට්‍රේලියාවේදී සොයා ගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියානු බලධාරීන් මෙම පරවියාව ජෝන් ඩෝ ලෙස හඳුන්වා ඇති අතර මෙම පරවියා හේතුවෙන් ඕස්ට්‍රේලියානු පක්ෂින්ට සෘජු ජෛව ආරක්ෂණ අවදානමක් ඇතිවිය හැකි බවට සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම පක්ෂියාව අල්ලා ගත් පසුව මරා දැමීමට මේ වන විටත් ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් තීරණය කර තිබේ.

ඕස්ට්‍රේලියාව දැඩිව නිරෝධායන ප්‍රතිපත්ති ක්‍රමවේදයන් අනුගමන කරන රටක් වන අතර ඔවුන් අවධාරණය කර තිබෙන්නේ  විදේශීය සත්තුන් එරටට ගෙන එමේදී විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට යොමු කළ යුතු වන අතර මෙම පරවියා එම කිසිදු ආකාරය ක්‍රියාවලියකට ලක් නොවීම මත මෙලෙස මරා දැමීමට තීරණය කර තිබේ.

පරවියා සැතපුම් 8000ක් පමණ දුර පැමිණි ආකාරය පිළිබඳව මෙතෙක් පැහැදිළි වී නොමැති අතර ඕස්ට්‍රේලියානු බලධාරින් විශ්වාස කරන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හරහා පරවියා ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නට ඇති බවයි.

ඕස්ට්‍රේලියාවට පරවියන් නීත්‍යානුකූලව ගෙන ඒමට හැකි වුවද, මෙම ක්‍රියාවලිය දුෂ්කර වන අතර ඩොලර් දස දහස් ගණනක් වැය විය හැකි බවත් සඳහන් වෙයි. 

මෙම පරවියාගේ අයිතිකරු ඇමෙරිකාවේ ඇල්බාමා ප්‍රාන්තයේ පුද්ගලයෙකු බවටද හඳුුුුුුුනාගෙන තිබේ. 

Rate this item
(1 Vote)