January 21, 2021

ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රසිද්ධි තර්ජනයෙන් පසුව ඔහුගේ YouTube චැනලයත් අත්හිටුවයි

යුටියුබ් සමාජ මාධ්‍ය ජාලය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චැනලය තාවකාලිකව තහනම් කර තිබේ.

එම සමාජ මාධ්‍ය විශේෂ ප්‍රකාශයක් නම් කරමින් පවසා තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ සත්‍යාපනය කරන ලද නාලිකාව විසින් එම සමාජ මාධ්‍යයේ ප්‍රතිපත්ති තුළ ඇති ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඇති නීති උල්ලංඝනය කරමින් ජනතාව ප්‍රචණ්ඩත්වය කරා ගෙන යන ප්‍රකාශයන් නිකුත් කර ඇති බවයි.

මෙම තහනම් කාලය තුළ ට්‍රම්ප් හට සිය යුටියුබ් නාලිකාව තුළ කිසිදු ආකාරයේ වීඩියෝවක් උඩුගත කර නොහැකි වන අතර කිසිදු වැඩසටහනක් සජීවිව විකාශය කිරීමට නොහැකි වනු ඇත.

ස්‍රපුසිද්ධ සමාජ මාධ්‍ය ජාල දෙකක් වූ ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය විසින් ඇමෙරිකානු වත්මන් ජනාධිපතිවරයාගේ ගිනුම් දෙකම අත්හිටුවා ඇති අවස්ථාව යුටියුබ් සමාජ ජාලය විසින් ජනාධිපතිවරයා හට තමන්ගේ ප්‍රකාශයන් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබු අතර දැන් එම අවස්ථාවද අහිමිව තිබේ.

ට්‍රම්ප් විසින් තේරීපත් වූ නව ජනාධිපතිවරයා වන ජෝ බයිඩන් හට තර්ජනය කරමින් කළ කතාවෙන් පැය කිහිපයකට පසුව මෙලෙස ඔහුගේ යුටියුබ් සමාජ ජාල ගිනුමද අත්හිටුවා තිබීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)