April 24, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේම ජෝ බයිඩන්ට තර්ජන කරයි - ඇමෙරිකාව මහා අර්බුදයක් අභියස

ඇමෙරිකානු කොංග්‍රසය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ව සිය ධූර කාලය අවසන් වීමටත් පෙර එලවා දැමීමට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබේ.

මෙම දෝෂාභියෝගය එරට ව්‍යවස්ථාවේ 25 වෙනි සංශෝධනය හරහා ට්‍රම්ප්ව එලවා දැමීමට මේ වන විටත් එරට කැපිටල් ගොඩනැගිල්ල තුළ රැස්ව සිටින කොංග්‍රස් සාමාජිකයන් සහ යෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් කටයුතු කරමින් සිටියි.

ඒ අතර මෙම ක්‍රියාව පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අදහස් දැක්වීමද කර තිබේ.

ඔහු එහිදී කියා තිබුණේ 25 වන සංශෝධනයෙන් තමන්ට කිසිදු හානියක් සිදු කළ නොහැකි බවත්, තමන් ජෝ බයිඩන් සහ බයිඩන් පරිපාලනය "දඩයම් කර" ගැනීම සඳහා පැමිණෙන බවත් ප්‍රකාශ කර තිබේ.

තමන් ඉල්ලන දේ ගැන තමන් හොඳින් සිතිය යුතු බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් පවසා තිබේ.

ඇමෙරිකානු ඉතිහාසය තුළ සිදු වූ මායාකාරියන්ගේ දඩයම නැවත වරක් වනු ඇති බවත් එකළ මෙන් බොහෝ දෙනාට වේදනාවන් විඳීමටත්, වෛරය රට පුරා පැතිරී ගිය බවත් මෙය ඊටත් වඩා එහාට ගිය දෙයක් යනු ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේය.

ඔහු මේ බව කියා තිබුණේ ට්‍රම්ප්ගේ ප්‍රධාන දේශපාලන පොරොන්දු අතර තිබූ ඇමෙරිකානු - මෙක්සිකෝ දේශසීමා තාප්පයේ ටෙක්සාස් කොටසේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 January 2021 10:45