April 20, 2024

පුද්ගලයෙකු මිය ගිය පසු ආදාහනය, භූමදානයත් නැතුව ගිජුලිහිණියන්ට කන්න දෙන ටිබෙට් චාරිත්‍රය

අද වෙද්දී අප සමාජජාල තුළ අදාහනය සහ භූමදානය පිළිබඳව බොහෝ මතවාදයන් ඉදිරිපත් ව තිබේ. 

නමුත් මේ ක්‍රමයන් දෙකටම හාත්පසින්ම වෙනස් වූ අවමංගල්‍ය ක්‍රමවේදයක් ටිබෙට් රටේ ඇත. එය හඳුන්වන්නේ ආකාශ භූමදානය යනුවෙනි.

මෙම ක්‍රමවේදයේ දී පුද්ගලයෙකු මිය ගිය පසු එම පුද්ගලයාගේ සිරුර ගිජුලිහිනියන්ට කන්නට දෙන චාරිත්‍රයක් තිබේ. මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ එම අරුම පුදුම ආකාශ භූමදානය පිළිබඳවයි.

ගිජුලිහිනියන්ට කන්න දෙන්නට පෙර කරන දේ

ටිබෙට් ජාතිකයෙකු මිය ගියහොත්, මළ සිරුර සුදු රෙදිවලින් ඔතා දින තුනක් හෝ පහක් නිවසේ මුල්ලක තබා තියයි.

එම කාලය තුළ ටිබෙට් ජාතික භික්ෂූන් වහන්සේලාට හෝ ලාමාවරුන්ට ශුද්ධ ලියවිල්ල ශබ්ද නඟා කියවන ලෙස ඉල්ලා සිටින අතර එමගින් ආත්මයන් පව්වලින් නිදහස් කර ගත හැකි බවට ටිබෙට් ජාතිකයින් විශ්වාස කරයි.

එමෙන්ම එම කාල සීමාව තුළ මිය ගිය පුද්ගලයාගේ පවුලේ උදවිය විසින් සිය බාහිර ක්‍රියාකාරකම් නවතා දමා සිය මිය ගිය පුද්ගලයා වෙනුවෙන් කැප වීම සිදු කරන බවද සඳහන් වෙයි.

මිය ගිය පුද්ගලයාගේ ශරීරය ගිජුලිහිනියන්ට කන්නට හැකි ලෙස කපා විච්ඡේදනය කිරීම

භ්‍රෑන ලෙස සැකසූ මෘත දේහයන්වලට සුත්‍රදේශනා කිරීම

පසුව මිය ගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් වාසනාවන්ත දිනයක් තෝරාගෙන දේහය ආකාශ භූමදාන භූමියට ගෙන යන ලෙස ආකාශ භූමදානය කරන පුද්ගලයාගෙන් ඉල්ලා සිටියි. එම කටයුත්තට පෙර දිනයේදී පවුලේ සාමාජිකයන් මියගිය පුද්ගලයාගේ ඇඳුම් ගලවා මළ සිරුර භ්‍රෑණයක් මෙන් සකසයි.

එහිදී ශරීරය වාඩි වී සිටින ආකාරයට තබා හිස දණහිසට සිටින සේ තබයි (මානව කළලයක් මෙන්). පවුලේ සාමාජිකයන් තෝරා ගත් වාසනාවන්ත දිනයේ අලුයම මෘත දේහය ඔහු ජීවත් ව සිටියදී සිටි ප්‍රදේශයට සෑහෙන්න පිහිටි කඳු අතර ඇති සුසාන භූමියට යවනු ලැබේ. 

එම රැගෙන යාමෙන් පසුව ගිජු ලිහිනියන් ආකර්ෂණය කර ගැනීම සඳහා "සු" නම් දුමක් දහනය කරනු ලැබේ.

ආත්මයේ පව්වලින් මුදවා ගැනීම සඳහා ලාමාවරුන් සූත්‍ර ගායනා කරයි කරන අතරදී වෘත්තීය ආකාශ භූමදාන පුද්ගලයා විසින් ශරීරය විච්ඡේදනය කොට ගිජුලිහිනියන්ට ආහාර ලෙස ගැනීමට හැකි ලෙස සකසනු ලබයි.

මෙහිදී ගිජුලිහිනියන් විසින් මිය ගිය පුද්ගලයාගේ කොටස් කා දැමීමෙන් පසුව ඉතිරි වන අස්ථි කැබලි පවා කොටස්වලට කඩා ගිජුලිහිනියන් වෙත කෑමට ලබා දෙන බවත් සඳහන් වෙයි.

මළගිය පුද්ගලයෙකුගේ සිරුරක් ගිජුලිහිනියන්ට අනුභව කළ හැකි ලෙස සකසමින්

ආකාශ භූමදානය සහ ටිබෙට් බුද්ධාගම

අහස භූමදානය කිරීම ටිබෙට් බුද්ධාගමේ දර්ශනයට සමීපව සම්බන්ධ වේ.

ටිබෙට් ජාතිකයන්ගේ විශ්වාස අනුව ගිජුලිහිනියන් පැමිණ ශරීරය අනුභව කරන්නේ නම් එයින් අදහස් වන්නේ මියගිය පුද්ගලයාට කිසිදු පාපයක් නොමැති බවත් ඔහුගේ හෝ ඇයගේ ආත්මය සාමකාමීව සුගතියට ගොස් ඇති බවයි. 

ආකාශ භූමදානය වටා ඇති කඳුකරයේ සිටින මෙම ගිජුලිහිනියන් “ශුද්ධ කුරුල්ලන්” ලෙසින් හඳුන්වයි. ශුද්ධ වූ මෙම පක්ෂින් විසින් ඉතිරි කර ඇති ඕනෑම මෘත දේහ කොටසක් එකතු කර පුළුස්සා දැමිය යුතු අතර, ලාමාස් මළවුන්ගේ පව් මුදවා ගැනීම සඳහා සූත්‍ර ගායනා කළ යුතුය.

මෘත දේහයක් ගිජුලිහිනියන් ආහාරයට ගනිමින්

ආකාශ භූමදානය තුළ තහනම් දේ

ටිබෙටයේ මෙම අරුම පුදුම ආකාශ අවමංගල්‍ය කටයුතු වලදී බොහෝ තහංචි කිරීම්ද තිබේ. මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ආගන්තුකයන්ට සහ පිටස්තර පුද්ගලයන් සඳහා අවසර නොලැබෙයි.

 එය ආත්මයන්ගේ නැගීමට ඍණාත්මක ප්‍රතිඵලයක් ගෙන එනු ඇති බවට ටිබෙට් ජාතිකයින් විශ්වාස කරයි.  එබැවින් අමුත්තන් මෙම චාරිත්රයට ගරු කළ යුතු අතර එවැනි අවස්ථාවන්ගෙන් ඉවත් වීම සිදු කළ යුතුය. 

පවුලේ සාමාජිකයින්ටද මෙම අවමංගල්‍ය චාරිත්‍රය සිදු කරන සුසාන භූමියට පැමිණීමට අවසර හිමි නොවේ.

ආකාශ භූමදානය වෘත්තීය කරගත් පුද්ගලයෙක්

ටිබෙට් රටේ තවත් බොහෝ ආකාරයේ භූමදාන ක්‍රමවේදයන් තිබෙන අතර ඒ අතරින් ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණු ආදාහන ක්‍රමයක් විදිහටද මෙම ආකාශ භූමදානය හඳුන්වා දිය හැකිය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 January 2021 16:32