January 21, 2021

මලයාසියාව පුරා සංචාරක තහනමක්

කොරෝනා ව්‍යාප්තිය හමුවේ මලයාසියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට රජු අල් සුල්තාන් අබ්දුල්ලා පියවර ගත්‌ බව වාර්තා වනවා.

ඒ එරට අග්‍රාමාත්‍ය මුහියිදීන් යසීන්ගේ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම, මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ අරමුණ වුවත් මෙය අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට සුවිශේෂ බලතල ලබාදෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කලා .

පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව නව නීති හඳුන්වාදීමට ද මේ යටතේ රජයට හැකියාව ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ 

මේ හමුවේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට ද මැලේසියාව පියවර ගත් අතර එරට අගනුවර සහ ප්‍රාන්ත පහක් හෙට සිට සති දෙකක කාලයක් වසා දමන බව ද මලයාසියානු අග්‍රාමාත්‍යවරයා නිවේදනය කොට තිවෙනවා.

මලයාසියාව පුරා සංචාරක තහනමක් බලාත්මක කිරීමට ද අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන ඇතැයි වාර්තා වනවා 

මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමත් සමග මැලේසියාවේ කොටස් වෙළඳපොළෙහි කොටස් අගය ද 1. 3% ක ප්‍රතිශතයකින් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කලා .

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 January 2021 15:06