April 24, 2024

“අපි ඔබේ පෞද්ගලික මැසේජ් බලන්නේ නැහැ” - Whatsapp විසින් දත්ත සොරා ගන්නවා කියූ අයට පිළිතුරු දෙයි

WhatsApp (වට්ස්ඇප්) සමාජ මාධ්‍ය ආයතනය විසින් එළි දැක්වූ නව රහස්‍යතා ප්‍රතිපත්ති (Privacy policy) යටතේ එම සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත එකතු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ඔවුන් අවධාරණය කර තිබෙන්නේ එම ආයතනය කිසිදු අවස්ථාවක එම සමාජ මාධ්‍ය පරිශිලකයන්ගේ පෞද්ගලික දත්තයන් එකතු කිරීමක් නොකර බවයි.

විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වට්ස්ඇප් ආයතන විසින් මෙම තොරතුරු 07ක් යටතේ පැහැදිළි කර දී තිබේ.

එම කරුණු අනුව

1. වට්ස්ඇප් ආයතනයට හෝ ෆේස්බුක් ආයතනයට ඔබ විසින් යවනු ලබන පණිවිඩ බැලීමට හෝ එක දුරකථන ඇමතුම්වලට ඇහුකම් දීමට නොහැකි බව පවසා තිබේ.

2. එමෙන්ම වට්ස්ඇප් ආයතන විසින් එම මෘදුකාංගය හරහා ලැබෙන දුරකථන ඇමතුම් හෝ පණිවිඩයන්වල දත්තයන් ලොග් සටහන් ලෙස තබා නොගන්නා බවද ආවධාරණය කර තිබේ.

3. තමන්ට තමන්ගේ මැසේජ් ඕනෑම අවස්ථාවක ඉවත් කර දැමීමේ හැකියාව ඇති බවද ඔවුන් සඳහන් කර තිබේ.

4. ඔබ විසින් බෙදාගනු ලබන ස්ථානයන් ගැන බැලීමට වට්ස්ඇප් හෝ ෆේස්බුක් ආයතනය නොහැකි බවද ඔවුන් විසින් දන්වා තිබේ.

5. වට්ස්ඇප් සමූහයන්වල පෞද්ගලිකත්වය එලෙස තිබෙන බවද පවසා තිබේ.

6. ඔබට ඕනෑම අවස්ථාවක ඔබගේ පෞද්ගලික දත්තයන් භාගත කර ගැත හැකිය බවත් ඔවුන් සඳහන් කර තිබේ.

වට්ස්ඇප් ආයතනයේ පවසා සිටින්නේ පිරිස් විසින් පතුරුවා හරින කටකතා සම්බන්ධව පිළිතුරු ලබා දීමක් සිදු කිරීමට අවශ්‍ය වන අතර එයට ලබා දෙන පිළිතුරු 100% ක් පැහැදිලි විය යුතු බවයි. එමෙන්ම සිය ආයතනය පරිශිලකයන්ගේ පුද්ගලික පණිවිඩ යවන්නාගේ සිට ලබන්නා දක්වාම රහස් කේතනය කර ඇති බවට සහිතක වන බවද පවසා තිබේ.

සිය ආයතනයේ නව රහස්‍යතා ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම තුළීන් සිය මිතුරන් හෝ පවුලේ අය සමඟ පරිශිලකයන් විසින් හුවමාරු කරගන්නා පණිවිඩවල පෞද්ගලිකත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන බවද එම ආයතනය දන්වා තිබේ.

සමාජ මාධ්‍ය තුළ වට්ස්ඇප් සේවාව විසින් පෞද්ගලික දත්ත සොරා ගන්නවා යැයි කියමින් බොහෝ දෙනා විවිධ පණිවිඩ සේවා සඳහා මාරු වීමද දක්නට ලැබුණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 January 2021 11:54