April 20, 2024

බිලියනපති ලැයිස්තුවේ මුල් තැන එලෝන් මස්ක්ට නැති වෙයි - දිනක් තුළ ඩොලර් බිලියන 14ක්ද අහිමි වෙයි

ලෝක බිලියපති ලැයිස්තුවේ මුල්තැන හිමි වී සතියක් යාමට මත්තෙන් එම ස්ථානය එලෝන් මස්ක්ට අහිමි වී ඇති බවට ලෝක ප්‍රසිද්ධ සඟරාවක් වන ෆෝබිස් සඟරාව වාර්තා කර සිටියි.

ඒ අනුව එලෝන් මස්ක්ට ලෝක බිලියනපති ලැයිස්තුවේ හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි. මීට පෙර ප්‍රථම ස්ථානයේ සිටි ජෙෆ් බෙසොස් හට නැවත වරක් මුල් තැන හිමිව තිබේ.

එලෝන් මස්ක්ට අයිතිය ඇති ලෝක ප්‍රමුඛ විදුලි වාහන නිෂ්පාදන ආයතනය වන ටෙස්ලා සමාගමේ කොටස් 8%ක් ඊයේ (11) දිනයේ දී අහිමිව ගොස් ඇති අතර ඒ නිසා ඔහුගේ වත්කමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 13.5ක් අහිමිව ඇති බවටද ෆෝබිස් සඟරාව පවසා සිටියි.

මේ අනුව එලෝන්ගේ සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 176.2ක් වන බවටද වාර්තා වෙයි.

මේ වන විට එලෝන් මස්ක් ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස්ට වඩා ඇමෙරිකානු ඩොලර් බිලියන 06ක් පිටුපසින් සිටින බවටද සඳහන් වෙයි.

එලෝන්ට සිය ස්ථානය අහිමි වුවත් ඔහු තවමත් ලෝක බිලියනපති ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන බර්නාඩ් ආර්නෝල්ට් වඩා ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් ඉදිරියෙන් සිටින බවද ෆෝබිස් සඟරාව අවධාරණය කර තිබේ.

Rate this item
(1 Vote)