April 17, 2024

ඇමෙරිකානු කතානායකවරියගේ මේසය මත කකුල තබාගෙන සිටි පුද්ගලයාත් අත්අඩංගුවට

ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස එරට කොංග්‍රසය පිළිගැනීමත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් පාක්ෂිකයන් එරට දේශපාලන කේන්ද්‍රස්ථානය වන කැපිටල් ගොඩනැගිල්ලට පහර දීමට කටයුතු කළහ.

එහිදී බොහෝ පිරිසක් එහි දේපළවලට හානි කිරීමට කටයුතු කළ අතර තවත් පිරිසක් එහි තිබූ වටිනා භාණ්ඩ පැහැරගෙන ගොස් තිබුණි.

මෙම අලාභ හානි සිදු කළ පිරිස සොයා මේ වන විට එරට එෆ්.බී.අයි ඇතුළු පොලීස් අංශයන් එකතු පරික්ෂණ ආරම්භ කර ඇති අතර පුද්ගලයින් කිහිප දෙනෙකුම මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර එරට කතානායකවරිය වන නැන්සි පෙලෝසිගේ කාර්යාලයට කඩා වැදී එහි ඇයගේ අසුන මත හිඳගෙන මේසයට කකුල තබාගෙන සිටි පුද්ගලයාවද මේ වන විටත් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 60ක් වුණු රිචඩ් බාර්නෙට් නම් පුද්ගලයා විසින් මෙලෙස මේසය මත කකුල තබාගෙන සිට තිබේ.

ඔහුට විරුද්ධව මේ වන විට ෆෙඩරල් අධිකරණය තුළ ෆෙඩරල් දේපළවලට හානි කිරීම, ප්‍රකෝපකාරීව හැසිරීම වැනි තවත් බොහෝ චෝදනා මත නඩු පවරා තිබේ.

රිචඩ් විසින් මෙම සිදුවීම පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබුණේ "මම මෙතන මගේ මේසයේ වාඩි වුණා. මම බදු ගෙවන්නෙක්. මම දේශප්‍රේමියෙක්. එය ඇගේ මේසය නොවේ - අපි ඇයට මේසය ණයට දුන්නා" ලෙසිනි.

එමෙන්ම "ඇය මේසය අගය නොකරන නිසා මම වාඩි වී මේසය අගය කරනු ඇතැයි සිතුවා" ලෙසින්ද ඔහු පවසා තිබුණි.

කෙසේ වෙතත් ඔහුට ඇප අයදුම් කිරීමට අවස්ථාව ලබා නොදී තිබුණු අතර ඔහු පවසා තිබුණේ සිරගෙදරට ගිය පසුව තමන්ට අනිකුත් රැඳවියන්ට කියන්නට කතාවක් තිබෙන බවයි.

රිචඩ් බාර්නෙට් විසින් කතානායකවරියගේ මේසය මත කකුල තබාගෙන සිටින අවස්ථාව දැක්වෙන ඡායාරූපය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 January 2021 09:02