April 23, 2024

ට්‍රම්ප් පාක්ෂිකයෝ ඇමෙරිකානු දේශපාලන දෙවොලට පහර දෙද්දී ට්‍රම්ප් අතුළු පිරිස විනෝද වෙයි - සිංදු දාගෙන නටයි (VIDEO)

ඇමෙරිකානු දේශපාලන කේන්ද්‍රස්ථානය වන කැපිටල් ගොඩනැගිල්ලට ට්‍රම්ප් පාක්ෂිකයන් විසින් පහර දීමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු පිරිස එම අවස්ථාව සජීවිව නරඹමින් සිටින අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

එම වීඩියෝ පටයට අනුව ට්‍රම්ප් පාක්ෂිකයන්ගේ විරෝධතා රැළිය උග්‍ර අතට පත් වී කැපිටල් ගොඩනැගිල්ලට පහර දෙන්නට පෙර එම අවස්ථාව ට්‍රම්ප් ඇතුළු පිරිස නරඹමින් සිට ඇති අතර ඔවුන් පසුබිමෙන් ගීත පවා වාදනය කරමින් එම අවස්ථාව විනෝදයෙන් ගත කරන ආකාරය දැක ගත හැකිය.

එහිදී එක් තරුණියක් නර්තනයේ යෙදෙන ආකාරය දැකගත හැකිය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම රැළියට සහභාගී වන බව ජනතාවට දැනුම් දී තිබුණත් නමුත් ඔහු එයට සහභාගී වී තිබුණේ නැහැ.

මෙම රැළියට පෙර ජනතාව ඇමතීම සඳහා යන අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බොක්සිං අත් ආවරණ දෙකක් ද පැළදීමට ගන්නා උත්සාහයක් ද මෙම වීඩියෝව තුළ සටහන්ව තිබුණි.

ඇමෙරිකානුවන් බොහෝ දෙනා ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත චෝදනා කරන්නේ ඔහු විසින් මෙම ජනතා කැරැල්ල හිතාමතා ඇති කරන ලද්දක් බවට පවසමිනි.

මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිනුම් සියල්ලද අත්හිටුවා තිබේ.

මෙම සිදුවීම වන අවස්ථාවේ පසුබිමෙන් වාදනය කර තිබූ ඇමෙරිකානු නැසී ගිය ගීත තාරකාවක් වන ලෝරා බ්‍රැනිගන්ගේ ගීතයක් මෙම අවස්ථාවට යොදා ගැනීම පිළිබඳව එම ගායිකාවගේ පාර්ශවයෙන් මේ වන විට ට්‍රම්ප් පාර්ශවය වෙත චෝදනාද එල්ල වි තිබේ.

'Gloria (ග්ලෝරියා)' නම් මෙම ගීතය යොදා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ගායිකාවගේ කලමණාකාරවරයා පවසා සිටියේ සිදුවීම් අපි තරයේ හෙළා දකින බව හා දැඩි ලෙස අනුමත නොකරන බවයි.

එමෙන්ම එම ගීතය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරණ කටයුතු ලබා කර ගැනීම සඳහා ලබා නොදුන් බවද ඔවුන් අවධාරණය කර තිබේ.

Rate this item
(0 votes)