March 29, 2024

ලෝක ප්‍රසිද්ධ වූ ඡායාරූපයේ පුද්ගලයා අත්අඩංගුවට

ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය විසින් ජෝ බයිඩන් එරට ජනාධිපතිවරයා ලෙස ස්ථීර කිරීමත් සමඟ කෝපයට පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් වාදීන් එරට දේශපාලනය තුළ කේන්ද්‍රස්ථානය වන කැපිටල් ගොඩනැගිල්ලට පහර දී අලාභ හානි සිදු කරන ලදී.

මෙහිදී එරට කතානායකවරයාට අයත් පෝඩියම් එක පුද්ගලයෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබේ.

මෙය රැගෙන යන පුද්ගලයාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් වේගයෙන් විරල වූ අතර එය හාස්‍ය උපදවන අවස්ථාවක් යැයි බොහෝ දෙනා පවසා තිබුණි.

මෙම පුද්ගලයා සොයා ඇමෙරිකානු පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබූ අතර අද (09) දිනයේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඔහු ඇඩම් ක්‍රිස්ටින් ජෝනස්න් නම් වයස අවුරුදු 36ක පුද්ගලයෙකි.

ඔහුව මේ වන විට බන්ධනාගාර ගත කර ඇති අතර ඔහුට ඇප ලබා ගැනීම සඳහා ඉඩ ලබා දී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ජෝනසන් වැනි තවත් පුද්ගලයින් 40 දෙනෙකු සොයා මේ වන විටත් පරික්ෂණ ආරම්භ කර ඇති අතර ජෝනස්න්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු පෝඩියම් එක සොරකම් කර රැගෙන යන ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ විරල වීම තුළිනි.

ඇඩම් ක්‍රිස්ටින් ජෝනස්න් විසින් පෝඩියම් එක රැගෙන යන අවස්ථාව දැක්වෙන ඡායාරූපය පහතින්,

Rate this item
(0 votes)